"ඕන්නෑ අයියෙ අපි ඔය ටික වෙලාව ඉන්නම්.."
"නෑ නෑ මහත්තයා. මහත්තයලා වාහනේ දාලා යනවානෙ. කොයි පරිස්සමට වුනත් හොඳයිනෙ. ඔය සුමනෙ අර තේ කොල්ලා එක්කම වරෙන්කෝ. මේ මහත්තයලට කරදරයක් වෙලා.."
ඒ අයියා ලඟම තිබුන පොඩි පොල් අතු සෙවිලි කරපු කඩේ ඉඳන් කාඩ් ගගහා හිටිය කොල්ලෙක්ට කෑ ගැහුවෙ සරම හදාගන්න ගමන්. පොර කිව්වා වගේම තව ටිකකින් අපිව වාහනේ එක්කම පල්ලට තල්ලු කරනවා කියන්න මං දන්නවා. මේ වෙලාවෙ අග්‍ර කට අරින එක බොහොම අමාරු නිසා මම බහින්න හැදුවේ ඕනි නෑ කියන්න. ඒත් කොහෙද මේකා ආයෙ එබුනා කාර් එකට.
"ඔය මහත්තයා සීට් එකේ ඉන්න. මල්ලි පස්සෙන් අල්ලමු අපිත් එක්ක.."
"වට්! මූට මං අද! බලන් ඉඳහන් මගෙ එකාගෙ පස්සෙන් අල්ලනකන් මම සීට් එකට වෙලා ඉන්න විදිහ. මරනවා මං මූව. අයින් වෙයන් බබා...."
අග්‍ර කුලප්පු වෙලා..! මට බෑ අයියෝ... එයා දන්නෙ නෑනෙ ඒ මිනිස්සු අල්ලමු කියන්නෙ තල්ලු කරමු කියන එක කියලා.
"අග්‍ර අග්‍ර ඒ කියන්නෙ ඒම දෙයක් නෙවෙයි අප්පා. හැමෝම එකතු වෙලා අර පල්ලමට කා එක තල්ලු කරමු කියන එක. තේරුණාද? "
"එහෙනම් අල්ලමු කිව්වෙ? ඕක සිංහලෙන් කියපන්කෝ.මුං ලංකාවේ වෙලත් සිංහල මටත් අන්තයිනෙ."
අග්‍ර මුණු මුණු ගගා බනිද්දි මම ඉක්මනට බැහැ ගත්තා. ඕවා අර මිනිස්සුන්ට ඇහුනා නම් කෙලින්ම තල්ලු කරනවා හෙලට කාර් එක පිටින්ම. 'අනේ බස් එකේ ආවේ නැති මෝඩකම්..' කියලා හිත හිත මමත් කා එක පිටිපස්සට ආවේ අර අයියයි තව කොල්ලෝ දෙන්නෙකුයිත් එතන ඉද්දි.
"හරි අයියෙ.."
"හා එහෙනම් අල්ලමු සේරම. හරේ... ඈ! හෝව් හෝව්! ඈ බං මහත්තයො ඔහෙත් බැහැලා ආවම කාර් එක ස්ටාර්ට් කරන්නෙ ගම මහගේද? "
කා එක තල්ලු කරන්න හදද්දිම අර අයියා ආයෙත් කෙලින් වෙලා ඉණටත් අත් තියාගෙන අහද්දි තමා මං දැක්කෙ මගෙයි අර අයියගෙයි මැද්දට පැනගෙන කාර් එක තල්ලු කරන්න හදන අග්‍රව! මං ඔලුවෙ අතගහගත්තෙ නිකන්ම. අග්‍ර ඇයි දෙයියනේ මෙහෙම හැසිරෙන්නෙ? පොඩි එකෙක් වගේ රවනවා අර මනුස්සයට.
ESTÁS LEYENDO
නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]
No Ficción❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞ ❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්ෂයා දිහා බලයිව...