තුන්වෙනි අඩිය ~

217 24 10
                                    

"නැටුම් කලාවේ ප්‍රභවය හා විකාශය .... නර්තනයේ මූල බීජය චලනයයි . ප්‍රාථමික මානවයා ස්වභාව ධර්මයේ සංසිද්ධින් කෙරේ විශ්වාසයෙන් ගෞරව පූර්වකව වැඳුම් පිදුම් සිදු කළ බව ද සුවිශේෂී කරුණකි. ඒ අනුව දේව සංකල්ප බිහි වීම හා ආගමික සම්බන්ධතා නර්තනයේ මූලාරම්භයට හේතු වේ ඇත. "

දැන් වෙලාව රෑ 7.30යි . මං අද උගන්නවපුවා ආයේ බලන ගමන් හිටියේ .. ආසාවේ බෑ ... බලන් ගියාම අපේ මුළු ජීවන රටාවම නැටුම් එක්කනේ ගොඩක්ම බැඳිලා තියෙන්නේ ... ඒක වෙනම ලෝකයක් වගේ ... ම්ම් ඒ ලෝකේ ඩොක්ට කෙනෙකුත් ආවොත් ම්ම්ම් ලස්සනට තියෙයි නේද .... හම්නේ සුදු පාට ඩොක්ට කෝට් එක ඇඳලා අර නළාව දාගෙන කෝට් එකේ එක සාක්කුවට අත දාගෙන , මූණ පේන තරම් දිස්නේ දෙන සපත්තු දාගෙන වෝඩ් එකෙන් වෝඩ් එකට ලෙඩ්ඩු බල බලා යන ඩොක්ට කෙනෙක් ..... කෝමද අශෝ ඒ විදියට ඇදලා හැන්ඩියට ඉදී නේද , දැන් කියලත් වෙනසක් නෑනේ .. හැන්ඩියනේ ... එයාගේ ඇඟ මාර ෆිට් අප්පා , සුදු ශර්ට් එකෙනුත් කැපිලා පේනවා ඒ මසල්ස් ... හනේ නැටුම් කරන මගෙ වත් නෑ එච්චර මසල්ස් .. ඒකා ජිම් වත් යනවද දැන්නෑ .. කොයින්ද ගොයියෝ අපිට යන්න ජිම් ... හුම්ම් ... ඒත් අනේ එයා ගොඩක් සුදුයිනේ....මටත් වඩා ,පූසෙක්ගේ ලුක් එකකුත් තියෙනවදෝ මන්දා ... හනේ එතකොට මයි කියුට් කැටී අශෝ .... එයාගේ සම්පූර්ණ නම මොකක්ද දන්නේ නෑ ... ආ අර උදේ මැඩම් කියුවේ අයෝශ් කියලානේ .... අයෝශ් ... නපුරු අයෝශ් ... මහාආආ ඕන්නෑ ... ඒ බැන්න විදිය ... අනේ ....

"කොළුවෝ ..... මොන සිහියෙන්ද ඉන්නේ , කන ඇහෙන්නැද්ද කීපාරක් කතා කරාද .... ලෙඩක්ද උඹට "

දෙයියනේ ඒ මොකක්ද ඒ උනේ .... මගේ මනෝපාර ගිය දුර අවසානෙට මේ ලෝකෙට ආවේ බාප්පා කෑ ගහද්දී ... ඇයි මං අර මෝඩ ගොම්බෙට්ට ගැන හිතුවේ ...

" න්..නෑ බ්...බාප්පේ .. මං මේ අද උගන්නපුවා ආයේ ආයේ මතක් කරන ගමන් හිටියේ ..."

එහෙම කියලා මං බිම බලාගෙනම හිටියේ බාප්පාගෙ මූණ දිහා බලන් බොරු කියන්න බැරි හින්දමයි , ඒත් නොහිතුව විදියට .....

" මට ලොකු පුතා කතා කරා එයාලා හෙට එනවලු , එයාගේ කාමරේ චුට්ටක් අස් කරලා දාහම් ඈ කොළුවෝ "

_~ අහස් රාගය ~_Where stories live. Discover now