විසිපස්වන අඩිය ~ හයවන රාගය

55 2 0
                                    

මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල
නිතරම හිතවතියේ
නුඹ මගෙ ලඟ උන් හැටි
සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ

නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා

ඔය නෙතු හමුවන තුරු පාර දිහා
බලමින් තව වෙහෙසයි දෑසට මා
කිමදෝ පමා වූ ඒ කාරණා

මගෙ සතුටකදී නුඹ පාන සිනා
ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
සිතුවිලි මැද කිමිද මා භාවනා

සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ
සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ

නුඹ ලඟ මගෙ පාලු මෑකේවී
මගෙ අඳුරට නුඹ සඳ වේවී
නුඹ වෙත මගෙ රහස ඇසේවී
සඳ අද මගෙ අහසෙ දිලේවී

නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා

ඔය නෙතු හමුවන තුරු පාර දිහා
බලමින් තව වෙහෙසයි දෑසට මා
කිමදෝ පමා වූ ඒ කාරණා

මගෙ සතුටකදී නුඹ පාන සිනා
ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
සිතුවිලි මැද කිමිද මා භාවනා


"උඹ ළඟ නැති මගේ හිත එක තැනකම නතරවෙලා බන් ... හැමදාම මං හැමදාම හිතාගන්න බැරි විදියට උඹ එක්කම නතරවෙලා ... උඹට වෙච්ච දෙයක් තාම හොයාගන්න බැරිවෙද්දී මං අවුරුදු 6ක් උඹව හොයලා කියලා මතක් වෙද්දී මට මං ගැනම මහ අසරණ කමක් දැනෙනවා මගේ සඳූ .... උඹට මාව මතක් වෙන්නෙම නැද්ද ... මට විතරද ඕන උනේ උඹව උඹට ? ..... කමක් නෑ මං මගේ හිත වෙනස් කරගන්නද , එපාද , උඹ එනකන් බලන් ඉන්නද එපාද ... මං මොකක්ද කරන්න ඕනේ සඳූ .... අවුරුදු 6ක් දෙවියනේ 6ක් හිතාගන්නවත් බැරි තරම් ... ජීවිතේ හැම අඩියක් ගාවම ඉන්නන් කීවා නේද උඹ කෝ දැන් ඒ උඹ .... හෙට මගේ ජීවිතේ අලුත්ම පිටුවක් පෙරළෙනවා බන් ... මෙච්චර කල් උඹ හිටියේ නෑ වගේ හෙටත් මං තනියමමද සඳූ ..... අනේ මට උඹව මතක් වෙන තරම් ... මට පාළුයි මගේ සඳූ "

_~ අහස් රාගය ~_Where stories live. Discover now