" සඳූ ..... මහන්සීද ? .... බාප්පා එන්නේ නෑ කීවද ..."
" එන්නේ නෑ කීවා අනේ එයාලගේ මොකක්ද ප්‍රොඩක්ශන් එකක් එළියට දාන්නනේ හදන්නේ ඒකට වැඩ මේ දවස්වල .... ෆෝන් ආන්සර් කරන්නේත් නෑ අප්පා එයා ... "
"ම්ම්ම්ම් .... මං දෙයක් අහන්නද "
"හ්ම්ම් අහන්න "
" ඔයා කෝමද ඔච්චර ලස්සන උනේ "
"අහ් .... "
හනේ බෑනේ කරන්න රතු වෙන ප්‍රශ්නමනේ අහන්නේ ... හවුස් ගහලා වැඩ ඉවර කරද්දී 5 පහු උනා ... මිහිරයි මනුජයි එක්කන් යන්න ඇවිත් තිබුනා ... මගේ රමූව වෙනදට රෑ වෙනකොට ගන්න වාහනයක් ආවත් අද මං තනියම කියලා එන්න එපා කීවා වාහනේට කෝල් කරලා...අනේ පව් මයේ සුදු බබා ... මං නිසා පයින් යන්නත් උනානේ ... ටිකක් දුකයි ... ඒ උනාට අපි දෙන්නා තනියමනේ යන්නේ ... හී... එයාලා ඉන්නේ වැව රවුම ගාවනේ ලොකු දුරක් නෑ ඉතින් .... පෝසත් දරුවොනේ .... මං යන්න ඕනේනේ වාරියපොල බස් වල ගාට ගාට සෙනඟ ගොඩේ පොරබැදලා ටිකක් දුරයි ඉතින් හැන්දෑව නිසා සෙනඟ වැඩී ... මහන්සි උනාට ඉඳගන්න හම්බෙන්නේ නෑ මේ වෙලාවට ..මතක් වෙද්දිත් ඉස්කෝලේ නවතින්න හිතෙනවා .... එයා මේ මාව බස් එකට දාන්න යන ගමන් ....අපේ අත් ගෑවෙන නොගෑවෙන ගානට .... හැන්දෑව උනාට ලොකු අඳුරක් තිබ්බේත් නෑ ... .. කීපසැරයක්ම එයාගේ අත මගේ අතේ ඇවිල්ලා වැදෙනවා මට හොඳටම දැනෙනවා ... මං හිතන්නේ මාව සෙන්සිටිව් වැඩීද කොහෙද ඒ අත වැදෙන වැදෙන ගානේ ඇඟම හිරිවැටිලා යනවනේ .... ඒ අස්සේ මං ලස්සනය්ලු .... දැන් ඇති මං රතු වද මලක් වගේ
" නෑ නෑ මුකුත් නෑ "
ඇහුවට පස්සේ එයාටම ලැජ්ජා හිතිලද කොහෙද නෑ නෑ කියලා අහක බලාගත්තේ .... අනේ ඉතිම් මගේ සුදු බෝලෙනේ මේ .... පොඩි කරන්න හිතෙනවා ... ඒ උනාට එයා අහපු එක මට ඇහුනනේ .....
" මං මායාකාර කුමාරයෙක් ..ඒකයි ලස්සන ...අර මර්ලින් වගේ .... ඔයා දන්නේ නැති උනාට රහස් උමගක මකර පැටියෙකුත් ඇති කරනවා මං .... දවසක පෙන්නන්නන්කෝ ඈ .... "
මං කියලා ඉවර වෙලා එයාගේ මූණ දිහා බැලුවේ ... හනේ ලස්සන මූණ .... වැරදිලා ගොම්බෙට්ටක් වැටිච්ච කැඳ හැලියක් වගේනේ .... ඇයි අනේ වැරදි දෙයක් කියවුනාද
YOU ARE READING
_~ අහස් රාගය ~_
Non-Fictionතරු පිපුණු රෑ අහසේ සුපිපුණූ සඳ මඩල යට විකසිත වූ හදේ හුස්ම දියකරමි නුඹ මායාවේ ...... ❤️❤️❤️ මහ වැසි මැද කුනාටු අභියස වුවද රැඳෙමි ඔය දෑත මත ඉඩෝරයට වැටී මහ වැස්සක්ව...... 💛💛💛