ඈ ? ......
මං මොකටද ඒ අශෝ ගැන හොයන්නේ පිස්සු පිස්සු නෑ නෑ එහෙම ඕනේ නෑ ඕන කෙනෙක් හිටපු දෙන් මට ඕනේ නෑ ... මට එහෙම හිතන්න ඕනේ නෑ.....මං අහලා තියෙනවා අපි වගේ අය මේ වගේ ඉස්කෝලවල සෑහෙන්න කොන් වෙලා අසරණ වෙනවා කියලා මට එහෙම වෙන්න ඔනේ නෑ .... මං ආව ලොකු බලාපොරොත්තුවක් එක්ක ඒක අල්ලගෙන මිසක් වෙන දෙයක් ගැන හිතන්නේ නෑමයි ... අනික කවුද දන්නේ ඔය අශෝ කොයි වගේ එකෙක්ද කියලා මට කැමති වෙයිද කිය.... ආශ් නවත්තගනින් ඔය විකාරේ ශිට්
ටොක්කක් ඇනගෙන විකාර හිතන එක නවත්තගත්තෙ මේතනින් එහාට මුකුත් ඕනේ නැති නිසාමයි .... හ්ම්ම්ම් .. මට කවදා නිදහසේ හිතන්න පුළුවන් වෙයිද දන්නේ නෑ
" ඒ බං රැස්වීම ඉවරයි වරෙන් යන්න "
එහෙම කියලා මගේ ඉස්සරහා හිටිය ළමයා කතා කරද්දී තමා වෙන ලෝකෙක හිටිය මං හරි සිහියට ආවේ ...
" හරි බං යමු "
හිනාවක් දාලා මං කියද්දි අපි ඔක්කොම එක පෙළට පංති වලට යන්න ගත්තා A/l ක්ලාස් කියලා නෑ මෙහේ හරිම විනයානුකූලව තමා ඔක්කොම වෙන්නේ ... මේ විදියට හැමදේම පිළිවෙලට වෙන්නේ සැර දඬුව්ම් ඇති ගොඩක් නේද ...... මෙහෙම විනයක් මගේ පරණ ගමේ ඉස්කෝලේ තිබ්බේ නෑ , අපිට ඕනි නන් උදේ රැස්වීම් වලට ගියා නැත්තන් ලෙඩක් කියාගෙන කට්ටි පැන්නා නැත්තන් එක්කෝ ඩාන්සින් රූම් එකේ නැත්තන් පීටී මිස්ගේ රූම් එකේ ,කෝමහරි කරලා රැස්වීමෙන් පනින්න තමා බලන් ඉන්නේ වගේම අපි ඒක හැමදාම කළා . අහු වෙලා නන් නෑ ඉතින් .. මෙහෙ නන් එහෙම බෑ වගේ .....
" උබේ නම මොකක්ද "
කලින් කොල්ලම ඒ විදියට ඇහුවේ මගේ එහාපැත්තෙ තිබ්බ ඩෙස්ක් එකේ පුටුවෙන් ඉදගෙන ... එතන එයාද කොහෙද .... හොඳ පාටයි .... ටිකක් තලෙළුයි ... ඕන එකක් ..අල්ලපු එකා එක්ක කතා කරන්න ඕනෙලුනේ ... දැන් ඉතින් ආයෙත් යාළුවෝ සෙට් කරගන්නත් එපැයි... මෙයාගෙන් අහගන්න පුළුවන් වෙයි ක්ලාස් ටිකක් ගැන එහෙම ... නැටුම් වලට නන් මගේ ටිචර් ඇති . එයා හොදයි . අම්මා කෙනෙක් වගේ ... ඉතිහාසය වලටයි , ජර්මන් වලටයි තමා.... භාශාවක් කරන්න ආසාවක් තිබ්බට තෝරගත්තේ , ඒක කොයි වගේ එකක්ද කියන්නවත් තාම දන්නේ නෑ , පුළුවන් ඉක්මනට හොඳ ක්ලාස් ටිකක් හොයාගෙන බාප්පට කියන්න ඕනේ ....
ESTÁS LEYENDO
_~ අහස් රාගය ~_
No Ficciónතරු පිපුණු රෑ අහසේ සුපිපුණූ සඳ මඩල යට විකසිත වූ හදේ හුස්ම දියකරමි නුඹ මායාවේ ...... ❤️❤️❤️ මහ වැසි මැද කුනාටු අභියස වුවද රැඳෙමි ඔය දෑත මත ඉඩෝරයට වැටී මහ වැස්සක්ව...... 💛💛💛