"බාප්පේ ....."හම්මෝ හරි මහන්සි..... හරියටම සති 3ක් එක දිගට පාන්දර 6.30 ඉදන් හවස 4 වෙනකන් ප්‍රැක්ටිස් කරලා කරලා කලර්ස් නයිට් එක ගැම්මෙන් දීලා ඉවර කරේ .... හැමෝගෙන්ම හොඳ කමෙන්ට් හම්බුනා අයිටම් වලට ... මැඩම්ටත් හෙන සතුටුයි අපි හොඳට කරා කියලා .... ඒ නිසාම අපිට චූටි ප්‍රසන්ට් එකකුත් හම්බුනානේ ... මං වැඩ ඉවර කරගෙන මැඩම්ටත් කතා කරලා අනිත් අයටත් යන්නන් කියලා එළියට ආවේ බාප්පා නයිට් එක බලන්න එනව කියාලා ඒ ගමන්ම මාවත් අරන්ම යනවා කිව්ව නිසා ..... බාප්පාටත් ආරාධනාවක් එවලා තිබ්බා .... ගෞරවණිය ආදි ශිෂ්‍ය ....... බාප්පා දන්නවා මං නටන්න කැමති කියලා ... අද සතුටු ඇති නේද .... මං මේ ලොකු කමට කියනවා නෙමේ...ඒත් නටද්දී හැමෝගෙම ඇස් මං ගාව තිබ්බා කියලා තමා හිතුනේ ....එක්කෙනෙක් ප්‍රසිද්ධ වෙන්නයි යන්නේ ..... ඔන්න බාප්පා කියුව විදියට මං හැංගෙන්නේ නැතුව ඉස්සරහට ආවා .... මට සතුටුයි ..... කොච්චර මහන්සියක් දැනුනත් මං අයිටම් ඔක්කොම ගොඩක් වින්දා ..... නැටුම් ශිල්පියෙක් විදියට මං ගොඩක් ආසයි මගේ හැඟීම් නැටුම් තුළින් දෙන්න ... ගොඩක්ම නැටුමෙන් ප්‍රේක්ෂකයාට දැනෙන්න ඕන හැඟීම දෙන්න මං ගොඩක්ම කැමති .. ඕඩියන්ස් එක නැටුම විදලා අවසානේ දෙන අප්පුඩිය , විසිල් එක තමා අපි වගේ නැටුම් ශිල්පියෙක්ගේ ලොකුම වින්දනය ...ඒ සතුට හැමෝටම ගන්න බෑ ......හොඳට කරා කියන එක මට ලොකු සතුටක් ... ලොකු සැහැල්ලුවක් ..... එදා සශේන් අයියත් එක්ක උන දෝශාරෝපන අසාගැනීම් වලින් හිත බිඳිලා තිබ්බත් පහුවදා ඉස්කෝලේ එනකොට මැඩම් අයිටම් හදන්න ලැස්ති වෙලා තිබ්බා ... ඒ නිසා මං අයියත් එක්ක උන සිදුවීම එහෙම්මම අමතක කරලා දැම්මේ පස්සේ නිදහසේ හිතන්න ඕන නිසාම ..... එහෙම උන එක හොඳයි නැත්තන් මං පිස්සෙක් වෙලා ඉඳීවී.... නැටුම් මාව සුවපත් කරනවා .... ඒකයි මං නැටුම් වලට මෙච්චරටම ආදරේ ....
...එක එක දේවල් හිත හිතා බාප්පගේ වාහනේ හොය හොයා එනකොට මං දැක්කා බාප්පා තව පිරිමි දෙන්නෙක් ගාව හිටගෙන කතාව .... එක්කෙනෙක් අපේ ඉස්කෝලේ කොල්ලෙක් ... යුනිෆෝම් හිටියේ ... මට කවුද කියලා හොයන්න බෑ එයා මට පිටිපස්ස හරවලා හිටිය නිසා..... ඒත් එක්කම බාප්පට මං කතා කරද්දී .... ඒ කට්ටියගෙම අවධානේ මට හම්බුනා ... ඒ.... හිටියේ .....
VOCÊ ESTÁ LENDO
_~ අහස් රාගය ~_
Não Ficçãoතරු පිපුණු රෑ අහසේ සුපිපුණූ සඳ මඩල යට විකසිත වූ හදේ හුස්ම දියකරමි නුඹ මායාවේ ...... ❤️❤️❤️ මහ වැසි මැද කුනාටු අභියස වුවද රැඳෙමි ඔය දෑත මත ඉඩෝරයට වැටී මහ වැස්සක්ව...... 💛💛💛