"මහී ..... මහී .... දොර අරින්න ""අනේ මහියෝ හොඳ ළමයා වගේ දොර අරින්න "
" ඒ දේවල් අපි විශ්වාස කරන්නේ නෑ .... අනේ දොර අරින්න ... මහී "
මම , මිහිර , මනුජ ... අපි තුන්දෙනා මේ තරඟෙට දොර අරින්න හදන්නේ උන දේවල් එක්ක එයා හිත කලබල කරගෙන මොනාහරි මෝඩ වැඩක් කරගනීදෝ කියලා බයෙන් ... මගේ පපුව බයටම හොඳටම ගැහෙනවා ... මුකුත් කරගන්න නන් එපා ... ප්ලීස් මහී ... ඔයා ප්‍රශ්න වල ඉන්නේ කියලා මං දන්නේ නෑනේ .... දන්නවනන් කවදාවත් ඔයාගේ හිත රිද්දන්න මුකුත් කියන්නේ නෑ ... සත්තයි ....අනේ මෝඩ වැඩක් කරගෙන නැතුව ඇති නේද"අනේ ඇයි මේකා දොර අරින්නේ නැත්තේ ... මට නන් දැන් හො- "
මනුජ දොර ඇරියේ නැති එක ගැන මොකක්ද කියන්න යද්දිම ඒ වැහිලා තිබ්බ දොර ඇරුනා ... අර දෙන්නවත් තල්ලු කරගෙන කලබලේට මං දොර ඇරගෙන ආවේ එයා හොඳින්ද කියල දැනගන්න තිබ්බ හදිස්සියට .... උඹ හොඳින්ද මහී .... එයා කෝ .... කාමරේ තිබ්බ විදියටම තියෙනවා ... හැබැයි කවුරුත් නෑ ... කෝ මෙයා
"මහී .... ඔයා කොහෙද "
ම්හ් ... කිසිම සද්දයක් නෑ ... අරුන් දෙන්නත් මගේ පස්සෙන් හිමින් එනවා ඇහුනා .... ආ බැල්කනි එක .... එතන දොර ඇරලා ... මං හිමින්සැරේ ගිහින් දොරෙන් එළියට එබුනා .... ඉන්නවා එයා ... අහස දිහා බලාගෙන .... කළු කරලා තිබ්බ අහසේ ලොකුවට දිලිසෙන තරුවක් දිහා බලාගෙන .... ඒ ඇස් දිලිසෙනවා .... මූණ පැහැදිලි නෑ බැල්කනි එක අඳුරු නිසා හැබැයි හඳ එළිය වැටිලා ඒ මූණ දිලිසෙනවා ... ලස්සන සුර දූතයෙක් වගේ ... ඇත්තමයි මේ ඇත්තමයි කියන්නේ ඒ දර්ශනේ මගේ හිතේ ගැස්මක් ඇති කළා .... මට දැනුනා මට ඒ රූපේ දිහා මෙහෙම්මම ජීවිතේ කාලේ පුරාවටම බලාගෙන ඉන්න පුළුවන් කියලා .... මාව පිස්සු වට්ටනවා මහී ඔයා .... ඒත් එයා දුකින් ඒ ඇස් දිලිසෙන්නේ කඳුලු වලට ... එක එක කඳුලු බිංදු ඔහේ කම්මුල් දිගේ ගලාගෙන යනවා .... ඒ මූණ දිලිසෙන්නේ සතුටකින් නෙවේ ... දුකකින් ... මහා ලොකු කලකිරීමකින් .... එපා ප්ලීස් කලකිරෙන්න එපා ..... මං ... මං ඉන්නම් ඔයා ගාවින්
මං එයාගේ ලෝකේ හිර වෙලා ඉන්නකොට කවුද පිටිපස්සෙන් තට්ටුවක් දානවා දැනුනා ...
YOU ARE READING
_~ අහස් රාගය ~_
Non-Fictionතරු පිපුණු රෑ අහසේ සුපිපුණූ සඳ මඩල යට විකසිත වූ හදේ හුස්ම දියකරමි නුඹ මායාවේ ...... ❤️❤️❤️ මහ වැසි මැද කුනාටු අභියස වුවද රැඳෙමි ඔය දෑත මත ඉඩෝරයට වැටී මහ වැස්සක්ව...... 💛💛💛