දාහතර වන අඩිය ~

94 10 5
                                    

"තමුන් තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා .... මගේ පස්සෙන් එන්න එපා ... උඹ ගේ උනා කියලා මාව ගේ කරන්න එන්න එපා ... මට තමුන්ව අප්පිරියයි "

"අනේ අයෝශ් මට මෙහෙම කරන්න එපා ප්ලීස් .... මං මං ඔයාට ඇත්තටම ආදරෙයි .... "

"හහ් තියාගන්නවා තමුන්ගේ මහලොකු ආදරේ ... යකෝ කොල්ලෝ දෙන්නෙක්ට ආදරේ කරන්න බෑ ... තේරෙන්නේ නැද්ද තමුසෙට ... අනික උඹේ අයියම කියනවනේ උඹ වටේ යන එකෙක් කියලා ... හිතාගෙන ඉන්නේ ආදරෙයි කියුව පළියට උඹව පිළිගන්න මං අම්බලමක් කියලද .... ආයේ මට ඔය මූණ පෙන්නනවත් එපා .... තමුන්ව මට අප්පිරියයි .... තූහ් .... ඉස්සෙල්ලා පිරිමියෙක් වෙයන් .... "

මොනවද මේ ඇහෙන්න මට ... නෑ වෙන්න බෑ .... එයා කියන්න පුලුවන් තරම් දේවල් කියලා කියලා කවුද මන්දා කෙල්ලෙක්ගේ අතිනුත් අල්ලන් යන්න හැරුනා .... නෑ එපා ... එපා මාව දාලා යන්න එපා ....අනේ මට බයයි අයෝශ් ... එපා ඔයාට මාව මෙහෙම දාලා යන්න බෑ .... මං මැරේවී....අනේ ..... එපා... මං හිතන්නේ මාව වැටුනා .... ඒත් ඔයා මගේ පළවෙනි ආදරේනේ ....  අනේ අයෝශ් .... එපා

"එපා......... "










"කොළුවෝ ..... "

"කොළුවෝ නැගිටින්න ...... "

"පුතේ කතා කරන්න ... නැගිටින්න "

මොකක්ද ..... බාප්පා මොකක්ද මෙතන කරන්නේ... අනේ බාප්පේ බලන්න එයා මාව දාලා යනවනෙ ..

"පුතේ කෝ ඇස් අරින්න .... අන්න එහෙම දැන් හුස්ම ගන්න කෝ ... ඔය බලන්නකෝ හීනයක් පුතේ ඔය අඬලත් එක්කනේ ..... ඒක හීනයක්"

හීනයක් ඒත් .... ඒක ඇත්ත වගේනේ ..... මට තාම ඒක හිතාගන්න බෑ ... එයා මාව දාලා ගියා .....

"බලන්න ඔය අඬනවනේ ... මොනාද දැක්කේ ආ .... "

"අහ් ... අ... බ්-බාප්පේ එ-එයා ම්-මාව ද් ... "

"හරි හරි හුස්ම ගන්නකො .... ඔය ඉතින් ආයෙ අඬනවනේ .... කෝ මේ වතුර එක බොන්නකෝ ... "

මට ඒක දරාගන්න බෑ..... ඒක ඇත්ත නෙමේ කියලා පිළිගන්න බෑනේ .... ඒක ඇත්ත වගේම දැනුනා ... එයා ඇත්තටම මාව දාලා යයිද ..... අනේ එහෙම උනොත් මං කෝමද දරාගන්නේ .... එයා මගේ හිතම අල්ලගෙන ඉවරයි ... එයා නැති උනොත් ...... මං කොහොමද හිතවත් හදාගන්නේ ... මං මැරිලා යයි .... තාම මගේ පපුව හයියෙන් හයියෙන් ගැහෙනවා ... ඇයි ඒ වගේ හීනයක් මං දැක්කේ .... මෙහෙම දේවල් හීනෙකින්වත් දැක්කේ ඇයි .... තවත් වෙන්වීමක් මට දරාගන්න බෑනේ .....ඉස්සෙල්ලාම අම්මාගේ , තාත්තාගේ ආදරේ වි‍‍ඳින්නා බැරි උනා , දැන් මගේ එකම ආදරෙත් විඳින්න බැරි වෙන්නද යන්නේ ...... හීනේ දැක්කා වගේ කොල්ලෝ දෙන්නෙක්ගේ හැඟීම් වලට ඉඩක් නැද්ද .... එයාට මං ගැන දැනෙන්නැති වෙයිද .... ඊයේ එයා කතා කරේ නිකන්ම යාළුවෙක් විදියට විතරද ...... අනේ මට පිස්සු වගේ ..... ම‍ං දාහක් දේවල් හිත හිතා ඉන්නකොට ... බාප්පා මට නින්ද යනකන් කියලා ඔලුව අතගගා ඉඳලා , එක දිගට ගලාගෙන යන කඳුලුත් පිහලා ලයිට් නිවලා කාමරෙන් යන්න ගියේ මට නින්ද ගිහින් කියලා හිතලා වෙන්න ඇති..... ආයේ මං නිදාගන්නේ නැති වෙයි .....

_~ අහස් රාගය ~_Donde viven las historias. Descúbrelo ahora