විසිහත්වන අඩිය ~ අටවන රාගය ~

64 4 0
                                    


"මේ ... මේ .... හහ් "

"මොකද තෝ ගොතගහන්නේ ... දොස්තර මහත්තයා අලුත් කෑල්ලක් හොයාගෙනදා ඈ බන් .... "

හිතන්න බෑ දැන් මට ... මටත් ඔය විදියම තමා උනේ ... කතා කරගන්න බැරි උනා ... උගුර හිර උනා ... මං බලාගෙන ඉද්දිම මිහිරගේ ගොතේ ගැන ප්‍රශ්නයක් ඇති උන මනුජයා උගේ අතින් මගේ ෆෝන් එක උදුරලා ගත්තා මගේ කෑල්ල බලන්න .... මගේ එකා තමා ඉතින් ... ඒත් ... මං කන්ෆියුස් ඌත් කන්ෆියුස් අරූත් කන්ෆියුස් ....

"ලො...ලොකූ ... මේක ... ඔ..යා .... මොනවද මේ "

හ්ම්ම්ම්ම්ම් මටත් තේරෙන්නේ නෑ .... මගේ හැලහොල්මනක් නැති මූණ දිහා උන් දෙන්නා බලාගෙන ... කඳුලු පිරිලා උන්ගේ ඇස් වල .. අනේ මන්ද බන් ... මටත් විශ්වාසයක් නෑ ... උබලටත් හිතා ගන්න බැරුව නේද ඉන්නේ ... මං ඔහේ බලාගෙන හිටියා මටත් තේරෙන්නේ නැති හින්දා ...

" හ්ම්ම්ම් එයා වගේ නේද බන් .... බලහන් කොච්චර ලස්සන වෙලාද ... නළුවෙක් වගේ නේද ... හී මගේ එකා වගේම හින්දා ෆොලෝ කරේ .... ඇමරිකා වල හැංඟිලා ඉඳලා තියෙන්නේ හොර ගෙඩියා වගේ "

"අනේ බන් .... ඔහොම කතා කරන්න එපා බල්ලෝ ... "

මට මට අඬන්න ඕනේ නෑ ... හිතට දැනිච්ච දාහක් දේවල් වලින් චුට්ටක් කීවේ ඇත්තමයි ඕක ගැන හිතලා හිතලා මාව පිපිරෙයි කියලා හිතුන නිසාමයි ... ඇස් වලට උණලා තිබ්බ කඳුලු ටික හිනාවෙවීම පිහලා දැම්මේ මට මං ගැනම හෙන අසරණ කමක් දැනුනා  නිසා ... ඇයි මෙහෙම කරන්නේ ... අර කියන්නත් වගේ මහන්සි වෙලා මහන්සි වෙලා ගෙදර එනකොට ලස්සන හිනාවක් දීලා මහන්සීද මහත්තයෝ කියලා අහන්න පෙරුම් පුරන ලස්සන හීන ගොඩ ගහගන්න ඉඩ දීලා ආයෙ එවා එකින් එකින් එක බිඳලා දාන්න හදන එක සාධාරණද ... මං ඔහොම කොච්චර හීන ගොඩක් පුරවගෙන ඇද්ද එයා එක්ක විඳින්න.. ඒත් දැන් එයාගේ සුවඳ දැනෙන හුළඟක්වත් මට දැනෙන්නේ නෑ ... එයාව මගෙන් ගොඩක් ඈතට අරන් ගිහින් ... මේ එයාමද කියලා හිතාගන්න බැරි වෙන්නම එයාව මගෙන් ඈතකට අරන් ගිහින් ... මාව දාලා යන්න ඔයාට පුළුවන් උනාද රත්තරන් .....

" ලොකූ ... "

ආයෙ ආයෙම එයගේ ලෝකෙක හිර වෙලා උන්න මං සිහියට ආවේ මනුජගේ කටහඬින් ... එයාලගේ ඇස් වල මං ගැන අනුකම්පාවක් , දුකක් වගේ හැඟීමක් හිර වෙලාදෝ මන්දා ... ඕන කෙනාගෙන් නැතුව වෙන අයගෙන් ලැබෙන හිනාවටත් වටිනාකමක් නෑ බන් ... හිතට ඕනම කෙනාගේ හිනාව තරම් වටින වස්තුවක් මේ ලෝකේ කොහේ හරි තියෙනවද ... මටත් ඒ වගෙ තමා අනිත් අයගේ අනුකම්පාව මොකටද එයා නැතුව ...... මනුජ කතා කරද්දී ඇස් උස්සලා බැලුවේ කතා කරන්න මේ වෙලාවේ බෑ කියලා හිතුන නිසා ...

_~ අහස් රාගය ~_Donde viven las historias. Descúbrelo ahora