" ලොකූ දැන් ඇති නිදාගත්තා නැගිටින්න .... ඉස්කෝලේ යන්නේ නැද්ද .... මාව ඔතෙන්ට ගෙන්නන්න එපා ... නැගිටිනවා අර බලනවා මල්ලිලා දෙන්නම නැගිටලා .... ගිහින් නැගිට්ටන්නකෝ ඔයාගේ මහ ලොකූ පුතන්ඩියාව"
" ආ එයා මගේද .... මං හිතන් හිටියේ ඔයගේ කියලා .... කමක් නෑ කමක් නෑ අදට මං ඒ පුළුන් බෝලේ මගේ කරගන්නන්කෝ "
" සුදු බෝලේ .... නැගිටින්නේ නැද්ද ළමයෝ "
" ඔහොම හුරතල් කරලා නන් හරියන්නේ නෑ ලොකූට හොඳටම පරක්කු වෙලා ඉස්කෝලේ යන්න "
" හරි හරි මැනිකේ සුදු බෝලේ නැගිටීවී මං බලාගෙන ඊයෙ එනකොටත් නැගිටගෙන වැඩ කර කර ඉන්නවා .... නේද මගේ මැනික් කැට දෙක ... ඔයාලගේ අයියා බබා පව් නේද "
"ජ්ජාජ්ජා බාබ්බ්බා "
" බබ්බා බාබ්බා පව් නේද "
" අප්පලා පුතාලා ඕන එකක් කරගන්න ... මං යනවා කුස්සියේ වැඩ ඉවරකරගන්න ... ඕන එකක් කරලා බබාව ඇහැරවන්න ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා ... අනික අද කලර්ස් නයිට් එක කියලා කලින් යන්න ඕනේ කියලත් කීවා ... කොහෙද ඉතින් මහලොකු අප්පෙක් හිටියට- "
උදේ පාන්දර මහාලොකු ඝාන්ඨාර සද්දයක් එක්ක සුපුරුදු ශබ්ද පූජාව අපේ ගෙදර පටන් අරන් ... ඊයේ රෑ 2 විතර වෙනකන් පිසික්ස් වල අලුතෙන් කරපු පාඩමේ ගණන් වගයක් එක්ක ඔට්ටු උනා .... මං එහෙම්මම අත දිග ඇරලා ෆෝන් එකෙන් වෙලාව බලද්දී තාම 5.15යි කියලා ඩිස්ප්ලේ එකේ වැටිලා තිබ්බා ... අපෝ තව වෙලා තියෙනවා ..... අනිත් පැත්ත හැරිලා කොට්ටේ බදාගෙන ආයේ ඇස් පියාගන්නකොට මගේ ආදරණිය මව්තොමෝයි පියතොමෝයි මාව අල්ලගෙන කොකු පටලගන්න සද්දේ ඇහුනා ... ඒ අස්සේ ජ්ජා ජ්ජ බ්බා කිය කියා කෑගහන ඩබලකුත් ඇහෙනවා .... අනේ ඇත්තමයි මුන් දෙන්නට නිදාගන්න බැරි හැටියක් ... හෙන රාජකාරිය උන් දෙන්නට මහා එවුන් වගේ පාන්දරම නැගිටගෙන ... අනේ ඉතිම් මගේ පැටව් දෙන්නා , අපෙ ගෙදර මැනික් කැට දෙක ....සහෝදරයෝ නැතිව අවුරුදු 15ක් තනියෙන් ඉදලා ඉදලා ගෙදරට ගෙනාපු ඒන්ජල්ස්ලා දෙන්නා ..... නිමුන්නූ ... ටියාන් , ටිරාන් ... ඒ දෙන්නා මාත් එක්ක ඉද්දී හිතෙන්නේ තාත්තා මං කියලා ....අප්පච්චිට ඒක කීවම කියනවා මං තමාලූ , බලාගනින් උබේ මල්ලිලා දෙන්නා උබලා තුන් දෙනා තමා අපේ ගෙදර වාසනාව ...... කියලා .
YOU ARE READING
_~ අහස් රාගය ~_
Non-Fictionතරු පිපුණු රෑ අහසේ සුපිපුණූ සඳ මඩල යට විකසිත වූ හදේ හුස්ම දියකරමි නුඹ මායාවේ ...... ❤️❤️❤️ මහ වැසි මැද කුනාටු අභියස වුවද රැඳෙමි ඔය දෑත මත ඉඩෝරයට වැටී මහ වැස්සක්ව...... 💛💛💛