සිව්වන අඩිය ~

176 24 12
                                    

"එක්ස්කියුස්මී මැඩම් "

"ආ මේ අයෝශ් පුතානේ , මොකක්ද ? පණිවිඩයක්ද ? "

"ඔව් මැඩම් , මැඩම්ට එකයි මේ පන්තියේ ළමයින්ට එකයි . "

"ම්ම් මොකක්ද මට එක "

" කලර්ස් නයිට් එක ගැන මැඩම්ට සුරවීර සර් මතක් කරන්න කීවා , එහෙම කීවාම මැඩම් දන්නවා කීවා , එතකොට මැඩම් මේ ළමයින්ට තව ටිකකින් නිවේදනයක් දෙනවා කියුවා මුළු 12 වසරෙම ළමයින්ට ක්‍රීඩා ගැන දැනුවත් කරන්න ක්‍රීඩා ගාරයට එන්න කියලා "

"ආහ්-"
"ඈ බන් මහියා නිවේදනයක් දෙනවනන් මොකටද බම් පංති ගානේ එන්නේ ... කවුරුහරි බලන්නවත් ඉන්නවද දන්නේ නෑ ... ආ ඔය දෙන්නේ කියනකොටම මහලොකු නිවේදනය "

**¥€¥£¥€¥€¥**
*නිවේදනයයි , විද්‍යා , ගණිත , වාණිජ ,කලා යන අංශයන්හි සියළුම 12 වසරේ සිසුන් මෙම කාලච්ඡේදය අවසානේ ක්‍රීඩාගාරය වෙතට පැමිණෙන්න ... නැවතත් එම නිවේදනය ..........*

අර අලුගෝසූවා ඇවිල්ලා මැඩම්ට පණිවිඩේ දෙනකොටම එයා කියාගෙන ආව පණිවිඩේ නිවේදනය කරා , ඒත් එක්කම මිහිරයා ආයේ මගේ කනට කරලා අරූට එක එක ඒවා කියද්දී මාත් හිතුවේ ඇත්තටම ඇයි ඒ කියලා , බොරු වැඩක් නේ , ............ ඇත්තටම එයාට බලන්න කෙනෙක් හිටියාවත්ද ......... මමද ........ ආශ් පිස්සු ...ටොක්කක් ඇනගෙනම හරි සිහියට ආවේ ඒ බෙට්ට ගැන මට හිතන්න ඕනේ නැති නිසාමයි ... ඒකා ගැන හිතුවොත් මාව රතු වෙනවා දෙයියනේ ....

" මාත් මේ ඒකම තමා හිතුවේ "

පිස්සෙක්

" හරි පුතේ මට සුරවීර සර් ඒක ගැන කලින් කීවා , කලර්ස් නයිට් එකේ අයිටම් ටිකයි පිළිගැනීම ගැනයි ඔය , දැන් අපිට අලුත් ටීම් එකක්ම ඉන්නවා බය වෙන්න දෙයක් නෑ ඒ හින්දා "

මැඩම් අපි 16 දෙනා දිහා ඇස් කොනෙන් බලාගෙනම එහෙම කියද්දී අපි ටික කෙහෙල් කඳේ හොට ඇනගත්ත උගුඩුවෝ සෙට් එක වගේ ඉස්සරහා බලාගෙනම හිටියා

" ඒත් පුතේ නිවේදනය දෙනවනන් පුතා අවේ .........."

හොඳවැඩේ මනමාලයට හහ් ... කාව බලන්නද දන්නේ නෑ ආවේ උඩ දාගෙන .... හහ්

" නෑ මැඩම් සුරවීර සර් උදේම 12 වසරේ පංති වලට පීරියඩ් පටන් ගන්න කලින් නම් ලිස්ට් එකක් එවන්න කියලා පංති නායකයන්ට පණිවිඩයක් එවලා තිබ්බා . 12A3 එකේ නම් ලිස්ට් එක එවලා නෑ ... පංතියට ගියාම කියුවා පංති නායකයා ඩාන්සින් කරන්නේ කියලා ඒකයි ආවේ .... "

_~ අහස් රාගය ~_Where stories live. Discover now