"අපරාදේ නේද සර් අපි අදම කුරුණෑගලින් එන්න ආවේ ... අර ලේක් රවුන්ඩ් එක එහෙම රෑට ලස්සන ඇති ... මෙහෙන් යන්න කලින් ආයේ කුරුණෑගල යමු ඈ ... හාද සර් "
"හ්ම්ම් "
"ඇයි සර් "
"ඔලුවේ ටිකක් කැකුමයි රෙවෝන් ... දැන් කොළඹට ළඟයි නේද "
"ඔව් සර් ... සර්ට පේන් කිලර් එකක් ගමුද ?"
" හ්ම්ම් ෆාමසි වල තියෙනවා ඇක්ස් ඔයිල් කියලා වර්ගයක් චූටි බෝතලයක් ... ඒක ගන්න ... "
" හරි සර් "
සති එක හමාරක්ම කුරුණෑගල .... එහේ බ්රාන්ච් එක පිස්සු නටලා .. මගේ ප්රොජෙක්ට් එකට හරි ලංකාවට ආපු එකම ලොකු දෙයක් .. අකෞන්ටින් සයිඩ් එකේ වංචා හෙන ගොඩයි ... මෙච්චර කල් මේ බ්රාන්ච් එක තිබ්බ එක ගැනත් පුදුමයි .. අනික මෙහෙම දේවල් ආරංචි උනේවත් නෑ ... මේ දේවල් පිටිපස්සේ ගිහින් ඔලුවේ කැක්කුමකුත් අල්ලලා ඒ මදිවට ... මොළේ වයර් මාරු වෙලා මං හිතන්නේ දැන් මේ කම්පැනි එකේ වැඩ හින්දා .... සති එකහමාරකට පස්සේ ආයෙත් කොළඹට හෙට උදේම විජේකෝන් අංකල් එක්ක ගන්න යන ප්රොජෙක්ට් එකට මීටින් එකක් නිසාත් ඩෑඩ් සම්බන්ධ වෙන නිසාත් මං යන්නම ඕනේ ... දැනටමත් කුරුණෑගල බ්රාන්ච් එකෙ විස්තර යවලා ඒවටත් බැනුම් අහගෙන ඉන්නේ ..... එයාට නන් ඉතිම් මොකද වටේටම බැන බැනනේ ඉන්නේ කෝමත් ...අනික මං පළිද මේවාට එයානේ මහ ලොකුවට ලංකාවේ බ්රාන්ච් ගැන බැලුවේ පිස්සු ආආආ මට පිස්සු දැන් ....ශිට් මේ කරුමක්කාර ඔලුවේ රදේ
"ආ සර් මෙන්න .. මේක ගෑවම ඇතිද සර් .. මං කෝකටත් කියලා පේන් කිලර්ස් ටිකකුත් ගත්තා "
"තෑන්ක්ස් රෙවෝන් ..... මාත් එක්කම ඉන්නවට "
අවසාන වචන ටික මට උගේ මූණ දිහා බලාගෙන කියන්න පුළුවන් කමක් නෑ ... එක අතකින් ලැජ්ජාව ... අනික් අතින් මේ පට්ටන් එක්කම හම්බුන ලොකුකම ... එදා අඬලා අඬලා මගේ රගූ කියලා බදාගෙන ඉඳලා තියෙන්නේ රෙවෝන්ව .. වස ලැජ්ජාව ..උගේ හොඳකම කියන්නේ පස්සෙ දවසේ එයා මුකුත් ඇහුවෙත් නෑ .. මුකුත් උනේ නෑ වගේ හැසිරුනේ ... උට තේරුනා මට ලංකාවේ මොකක්ම හරි ප්රශ්නයක් කියලා මං නොකියන
පහුවදා උදේ මෑන් කියනවා "සර් ප්රශ්නයක් තියෙනවනන් හිතේ හිර කරගෙන ඉන්න එපාලූ එයාට හරි නැත්තන් මෙහේ යාළුවෙක් හම්බෙලා හරි හිත නිදහස් කරගන්නලූ " අනේ ඉතින් මං මොනා කියලා කරන්නද .. ඒ යාළුවන්ගේ මූණු බලන්නෙවත් කොහොමද මං .... ඒ නිසා හිනාවෙලා නිකා හිටියේ මගේ ප්රශ්න මට හොඳා කාටවත් කරදර කරන්නේ මොකටද ...
YOU ARE READING
_~ අහස් රාගය ~_
Non-Fictionතරු පිපුණු රෑ අහසේ සුපිපුණූ සඳ මඩල යට විකසිත වූ හදේ හුස්ම දියකරමි නුඹ මායාවේ ...... ❤️❤️❤️ මහ වැසි මැද කුනාටු අභියස වුවද රැඳෙමි ඔය දෑත මත ඉඩෝරයට වැටී මහ වැස්සක්ව...... 💛💛💛