බිඳුනු කැඩපතේ
මැවුනේ ඔය රුවබිඳුනු හදවතේ
මැවුනේ ඔය රුවබිඳුනු සුසුමේ
දැනුනේ ඔය හුස්මබිඳුනු දිවියේ
පිරුණේ ඔය සෙනෙහස .........ජීවිතය කොයි විදියට ගලාගෙන යනවද කියලා කාටහරි කියන්න පුළුවන්ද .... පුංචිම කාලේ ඉඳන් එක එක විශාල බලාපොරොත්තු වලින් අපේ මුළු හීන ලෝකෙම පුරෝගන්නවා නේද ... ඒත් අපි දන්නවද ජීවිතය අපිට මොනවගේ දෙයක් ලබා දෙයිද කියලා ... අපි බලාපොරොත්තු වෙන ජීවිතයම අපිට ලැබිලා තියෙනවද .... ලැබුනොත් වාසනාව කියනවා ... නොලැබුනොත් කරුමේ කියනවා .... ඔය දෙකෙන් මොකක්ද අපි හරියටම විශ්වාස කරන්නේ වාසනාවද .. කරුමෙද ... අපි , මිනිස්සු පුරුදුවෙලා තියෙන්නේ තමන්ට හොඳ දෙයක් උනොත් ඒක වාසනාව කියන්නත් නරක දෙයක් උනොත් කරුමේ කියන්නත් ..... ඒත් ඒක ඇත්තද ..... ? මට උත්තරයක් ඕනි ඒකට .... වාසනාව , කරුමය .... මේ දෙකෙන් මොකක්ද මට ලැබිලා තියෙන්නේ ..... එයාව ලැබුනොත් වාසනාව කියන්නද , ලැබුනේ නැති උනොත් කරුමේ කියන්නද ..... ඕකට දෛවය කීයලා ලස්සන වචනයක් මිනිස්සු පාවිච්චි කරනවා ..... දෛවය......
ක්‍රිස්මස් ආයේ මං පතාවි කියලා හිතන්න බෑ ... උන දේවල් රැවටීමක් .... පුංචිගේ ආදරේ එක දවසකට සීමා වෙච්චි ලස්සන රැවටීමක් ... මමත් ඒකට ඇන්ඳුනේ හරිම ලස්සනට ..... සශේන් අයියගේ වචන , පුංචිගේ ආදරණීය බොරුව මාව සෑහෙන්න බිඳලා දැම්මා කීවොත් හරී ... ඒත් එක පැත්තකින් බිඳිලම යද්දී තව පැත්තකින් බිඳුනු මාව ලස්සනට හැඩ කරන්න බලාගෙන ආදරණීය පවුලක් මට ඉන්නවා කියලා මතක් වෙද්දී මට ඉබේටම සැනසීමක් දැනෙනවා ... හරියට එදා අශෝ .... මගේ අශෝ ඔලුව අතගාද්දී දැනුනා වගේම .... ඒ හැඟීම මාව ඉබේටම සුව කරන්න තරම් බලවත් .... එයා මගේමයි කියන හුරුව එදා මට දැනුනා ... ඔයාට මාව දැනුනා නේද අශෝ ... නැත්තන් ඒ දේවල් මං වෙනුවෙන් කරාවිද .... ඔයාගේ වචන , ඔයාගේ රූපේ ,ඔයාගේ කටහඬ , ඔයාගේ සුවඳ මට සැනසීමක් ගෙන දෙන්නක් කියලා හොඳටම තේරුනා එදා .... හැබැයි .... ඔයා කැමති මගේ යාළුවෙක් වෙන්න විතරද ?
YOU ARE READING
_~ අහස් රාගය ~_
Non-Fictionතරු පිපුණු රෑ අහසේ සුපිපුණූ සඳ මඩල යට විකසිත වූ හදේ හුස්ම දියකරමි නුඹ මායාවේ ...... ❤️❤️❤️ මහ වැසි මැද කුනාටු අභියස වුවද රැඳෙමි ඔය දෑත මත ඉඩෝරයට වැටී මහ වැස්සක්ව...... 💛💛💛