" උඹට මොනාද ඕනේ "
"ම්ම්ම් ලෙමන් ජූස් එකක් ඇති "
"හ්ම් "
දෙවියනේ මං වෙන්න ඇති ලෝකේ පළවෙනි එක්කෙනා ෆර්ස්ට් ඩේට් එකට ඇවිල්ල දෙහි බීම එකක් විතරක් බොන .... ඩේට් එකක් තමයි ඉතිම් මේකත් ..ඉන්ඩිරෙක්ට් හරි.... අපි දෙන්නා විතරක් .....මේ අර කියන සමනල් හැඟීමද , බඩ ඇතුල දඟලනවා වගේ දැනෙන්නේ...එයාට කතා කරන්න හිතුන එකම කොච්චර දෙයක්ද..... ඇත්තටම එයා මාව එක්කන් ආවේ ස්කෝලේ ගාව ඉදන් ටිකක් දුර තියෙන, චූටි ඒත් ප්රියමනාප කැෆේ එකකට ... එකේ නමත් ඉතින් කැෆේම තමයි ... ශොප් එකේ තියෙන්නෙත් එක එක ෆෘට් ජූස් වර්ග ..... බුදාම්මෝ එව්වා ගිනි ගනන්නේ .... හොට් චොකලට් එකක්ම 450යි දෙවියනේ .... පිස්සු හැදෙයි එව්වට ගෙවන්න කාට තියෙන සල්ලියක්ද ... එයාටත් පිස්සුනේ මේකටම ආවේ.... ආ අමතක උනා ලොකු බබා සල්ලි අත්තක්නේ..... මං ලෙමන් ජූස් ඕඩර් කරෙත් එනකොටම තිබ්බ මෙනූ එකේ ගණන් අඩුවටම තිබ්බ එක නිසා .... ලෙමන් ජුසුත් නරකම නෑ ... පදමට ලුණු සීනී වැටුනම තව ගම්මිරිස් චුට්ටකුත් ආවම ආයේ කෑන් පිටින් බීවෑකී .... රසයි ගුණායි නේත .... මං ලෙමන් ඕඩර් කරද්දී එයා මං දිහා ටික වෙලාවක් බලාන හිටියා .... ඇයි ඉතිම් ... මං හීන් හිනාවාක් දුන්නම එයත් මොනාදෝ ඕඩර් කරලා අයිනෙම තිබ්බ මේසේ ගාවට ගිහින් ඉඳගත්තා ......
අහ් .....
වැරදි වැරදි ඒක අනුමත කළ නොහැකි ....
ඩේට් එකකට ආවම එයා ඉඳගන්න කලින් මට පුටුව පස්සට කරලා දෙන්න ඕනෙනේ ....ජෙන්ට්ල්මන්ට් ගතිය එහෙමනේ හුම්ම්ම් .... මෝඩයා ඒකවත් දන්නේ නෑ .... මටත් ඉතින් චුට්ටක් ඩෝන් ගිහින් එයාටත් ගස්සගෙන ළඟ මේසේ හිටිය කොල්ලටත් ගස්සගෙන ඇවිත් ඒ හැකරැල්ලාගේ ඉස්සරහින්ම ඉඳගත්තා . .. මට ඉතින් රවන්න හරි ගස්සන්න පුප්පන්න හරි ඉන්නේ මෙච්චරයි .. මොට්ට හැකරැල්ලා
"මොකද උඹ රවන්නේ .... "
"මට ඕන හින්දා ඇයි මොකද "
" අනේ ..... මට වැඩේමයි රවහන් තව .... එතකොට ඊළඟ ආත්මේ කට ඇදවෙලා ඉපදෙයි "
ඈ ....... එහෙම කට ඇදවෙනවද .... පිස්සු හැදෙයි ..... මං කුමාරයෙක්නෙ .... කට ඇදවෙච්චි කුමාරයෝ නෑ නේද .... මං ඉක්මනට දත් තිස් දෙකම පේන්න විරිත්තුවේ කියන්නේ බෑනේ බැරිවෙලාවත් ... නෑ නෑ හිතන්න ඕනේ නෑ ... ඕනේ නැති දේවල් ඔලුවෙන් චුත වෙන්න ශූ ශූ ශූ ....
එයාගේ මූණෙත් චූටි හිනාවකින් එළි උනේ මං ඔලුව දෙපැත්තට ගසනවා දැකලා .....
أنت تقرأ
_~ අහස් රාගය ~_
غير روائيතරු පිපුණු රෑ අහසේ සුපිපුණූ සඳ මඩල යට විකසිත වූ හදේ හුස්ම දියකරමි නුඹ මායාවේ ...... ❤️❤️❤️ මහ වැසි මැද කුනාටු අභියස වුවද රැඳෙමි ඔය දෑත මත ඉඩෝරයට වැටී මහ වැස්සක්ව...... 💛💛💛