දොළොස්වන අඩිය ~

117 14 2
                                    


අපගේ මුණි රජානන් ආ.....ආ....ආ......
විශාලා ප්‍රවර ගොස් ආ.....ආ.....ආ......
එකුසිනාරා නුවර ආ......ආ......ආ......
වැඩම කළ තුල්‍ය බුජ ආ....ආ.....ආ.....

එක්සෑම් ඉවර උනාට ප්‍රැක්ටිකල් එක ඉවර නෑනේ ..... ඩාන්සින් අපිට ප්‍රැක්ටිකල් අනිවාර්යයිනේ .... අනික මං නන් කැමතිම ප්‍රැක්ටිකල් එකට .... තියරි වලට වඩා ප්‍රැක්ටිකල් එකෙන් ලකුණු ගන්න පුළුවන් ... හැබැයි ඉතින් පේපර් එකටයි ප්‍රැක්ටිකල් එකටයි 50:50 නෙ බලන්නේ .... ඉතින් දෙකම හොඳ වෙන්න ඕනේ හොඳ රිසාල්ට් එකක් ගන්න .... අපේ රටේ කට්ටිය හිතන් ඉන්නේ ඩාන්සින් වලට හොඳ z-score එකක් නෑ කියලා .. ඒක බොරුවක් දෙයියනේ ... ගොඩක් ළමයි තෝරගන්නේ නැති හින්දා ඩාන්සින් වල හොඳ ඉසෙඩ් එකක් තියෙනවා හැබැයි අනිවා 80ට වඩා ලකුණු ගන්න ඕනේ ...... අනිත් එක තමයි කලා විශයන් කරන එක ලේසී කියලනේ හිතන් ඉන්නේ ... කොච්චර අපි කියලා නැහෙන්න ඕනෙද .... හැම කොටසක්ම කවර් වෙන විදියට ඩාන්සින් සබ්ජෙක්ට් එක හැදිලා තියෙන්නේ ... ඒකේ ඉතිහාසයත් තියෙනවා , සමාජ දැනුමත් තියෙනවා ....ඔව්වා පාඩම් කරන්නත් එපැයි .... ලකුණු ගන්න ලේසී නෑ .... පැය තුනෙන් රචනා ප්‍රශ්නම 15ක් ලියන්න ඕනේ පේපර් එකේ ... ඒකටත් මේ එක කොළේකින් ලියලා ඉවර කරන්න බෑ එක ප්‍රශ්නෙකට අඩුම කොළ තුනක් ලියවෙන්නත් ඕනේ ... ලොකුම දේ තමා ඒ 15න් එකක් ලියන්න අපිට හම්බෙන්නේ වි.10 යි ..... දෙයියනේ විනාඩි 10 යි .... හිතාගත්තෑකිද ලියන්න ඕන වේගේ .... දුකට කරුණ කියුවොත් මේ ටර්ම් ටෙස්ට් එකට මම ලීවේ සාඩම්බර විදියට පපුව කෙළින් තියාගෙන කියන්නේ ... මම ලීවේ හරියටම ප්‍රශ්න නවයයි ..... හනේ .....ඒකත් අත කඩාගෙන පුලුවන් උපරිම වේගෙන් ලියලා ..... ඒකෙන් බැරි උන ලකුණු ප්‍රැක්ටිකල් එකෙන් ගන්න කියලා තමා මේ ගැම්මෙන් ඉන්නේ ..... අද ප්‍රැක්ටිකල් .......

"හරි කස්තිරම ගන්න බලන්න "

ගජ්ජිං කඩතක ජිං ගත කූකු තක ..........

" ඊළඟට චරිත නිරූපණය ... ඔයාට මොකක්ද මහී "

හත්තික්කේ මට බැරිම එක

" කුමාරිකාව මැඩම් "

"වෙලාව ඕනෙද ? "

" අනේ ඔව් මැඩම් ..... මේක තමා බැරිම මැඩම් , චුට්ටි වෙලාවක් දෙන්න හාද මැඩම් "

_~ අහස් රාගය ~_Où les histoires vivent. Découvrez maintenant