හිතනවද අපි කැමති දේවල් අපි ආස දේවල් ජීවිතේ කවදහරි හිමිවෙයි කියලා ... බලාපොරොත්තුවක් ... හ්ම්ම් මං ඉන්නෙම ඒ අවසාන බලාපොරොත්තුවේ ... කොච්චර කවුරු කොහොම කීවත් තමා හිසට තම අතමය සෙවනැල්ල තමා ...
"සීතල නැද්ද කොල්ලෝ ඕවා වහලා ඇතුලට වරෙම් . කල්පනා කරන්නේ මොනාද උඹ ඔච්චර ඈ ?? ..... "
බාප්පා ... මට කියලා ඉන්නේ එයා විතරයි පොඩ්ඩා කාලෙම තනි උනු මට හෙවනක් දුන්න රත්තරන් මනුස්සයා ... මට කෝම බැන්නත් හිත පැළෙන්න රිදුනත් ගනන් ගන්න බෑ මට ..මේ මනුස්සයා නැත්තන් මං මැරිලා මේ වෙනකොට .... කවදහරි මං බාප්පව බලාගන්නවා ඒක විතරයිනේ මට පුළුවන් ..
" එහෙම මුකුත් නෑ බප්පේ "
" කොළුවෝ හෙට අලුත් ඉස්කෝලේට යන්න ලෑස්තිද ... බඩු ඔක්කොම ගත්තා නේද .. "
" ඔව් බාප්පේ ඔක්කොම ගත්තා."
බාප්පා ,මට ආදරෙයි නොසෑහෙන්න කොළුවෝ කියලා කතා කරන්නෙම හරි ආදරෙන් ඉතින් මං කොහොමද මේ රත්තරන් මනුස්සයා එක්ක තරහාවත් ගන්නේ ?
" මේ ඒක නෙමේ කොළුවෝ දැන් උබ ඇත්තටම කරන්නේ නැටුම් ද "
" හ්ම්ම් ඔව් බාප්පේ කලින් ස්කෝලේ ටීචර්ත් කීවා මට හොදට නැටුම් පුළුවන් එකේ අතාරින්න එපා කියලා .... අනික මට ආසයි කැම්පස් එකක උගන්නන්න "
" උබේ කැමැත්තක් උබට ඕන දේවල් කියහම් එහෙනන්.. දැන් ලොකු ඉස්කෝලේට ගියාම කොන් වෙලා ඉන්නේ නැතුව ඉස්සරහට යන්න ඕනේ තේරුනාද , හැංගිලා ඉදන් ඔය වගේ එව්වා කරන්න බෑ , අනික මගේ නම රැකපන් ඕක මගෙත් ඉස්කෝලේ ... උබව දැම්මෙත් ආදි ශිෂ්‍ය කියන ඛාන්ඩෙන් ඒ නිසා නම රැකපන් පුතේ ... උබේ හිත මං නොදන්නවා නෙවෙයිනේ හොදට හිතලා බලලා වැඩ ටික කරගනිම් , බෑග් හදලා ඉක්මනට නිදාගනිම් පාන්දර ඇහැරෙන්නත් එපැයි "
මගේ හිත ? බාප්පට මාව තේරෙනවා හොදට , බාප්පා කීවට මොකද මගේම තාත්තා තමයි ඒ ... ලෝක දෙකක් අතර හිරවුන මගේ හැඟීම් ගැන බාප්පා දන්නවා .. මාත් ඒ ගැන තේරුම් ගත්තේ O/l ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ ... ගවුමකට නැති හිත කලිසමක් පස්සෙම යන්න ගත්තාම බය උනු මගේ හිත හැදුවේ හැමදේකටම මහ හෙවනක් වගේ ඉන්න බාප්පා තමා ...
VOCÊ ESTÁ LENDO
_~ අහස් රාගය ~_
Não Ficçãoතරු පිපුණු රෑ අහසේ සුපිපුණූ සඳ මඩල යට විකසිත වූ හදේ හුස්ම දියකරමි නුඹ මායාවේ ...... ❤️❤️❤️ මහ වැසි මැද කුනාටු අභියස වුවද රැඳෙමි ඔය දෑත මත ඉඩෝරයට වැටී මහ වැස්සක්ව...... 💛💛💛