එකළොස්වන අඩිය ~

124 16 3
                                    

-මහී හායි මං අයෝශ්
  
                                                            -හායි ... කියන්න 😊

හුස්මත් හිරකරගෙන මං බලාගෙන ඉන්නේ එයාගෙන් රිප්ලයි එකක් එනකන් ..... ඒත් ටයිපින් වැටෙනවා ආයේ නැති වෙනවා ආයේ වැටෙනවා ආයෙ නැති වෙනවා .... එයා එච්චර මොනාද කියන්න යන්නේ .... දැන් විනාඩි 10ක් විතර ..... ටයිපින් නෑ ලාස්ට් සීන් වැටෙනව විනාඩි 5කට කලින් කියලා .... මොකක්ද හත්දෙයියනේ ඒ උනේ ..... ඇයි ඒ මැසේජ් එක විතරක් එව්වේ.............. හයියූ දැන් පිස්සු හැදෙනවනේ ..... මං ඒ මැසේජ් එක දිහා පැයක් වත් බලන් ඉන්න ඇති අඩුම ... ඒත් නෑ ... එතනින් එහා මුකුත් නෑ ..   අනේ ............ සෙද්ද කියන්න කීවාම කියන්න ඕනෙනෙ ..... හරි තරහයි මං හුම්ම්ම්ම් ......

           හිත චූටිත්තක් විතර රිදුනත් ආපහු පාඩම් වලට හිත  යොමු කරගත්තේ .. ඒ හැකරැල්ලා මූණට හමුබුනොත් පයින් එකක් ගහනවා කැරකිලා යන්න කියලා හිතන ගමන් ..... කුතුහලේ වැඩි කරා ....බෙට්ටා ..... මේක විසාල කරදරයක් උනානේ ....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

" හම්මේ නිවන් දැක්කා වගේ බන් ...."

"කියලා වැඩක් නෑ බොල .... පළවෙනි වාරේ මෙහෙම නන් දෙයියනේ  ..... ඒලෙවල් වලට බුදුන්ගෙම සරණයි පුතීලා"

" නිවන් දකින්න වෙන්නේ නෑ බම්ලනේ අද හවස ඊළඟ අපායට යන්න එපැයි .... බුදුන් දැකලම නිවන් දකිමු බම් අද යන් අපායට ...." 

       12 වසරට ඇවිල්ලා මාස 3කුත් ගිහින් ටර්ම් ටෙස්ට් එකත් තීබ්බා .....   කාලේ යන  ඉක්මන  හිතා ගන්න බෑ  ...... ටර්ම් ටෙස්ට් එකේ  ඩාන්සින් නන් අව්ලක් නෑ , ඉතිහාසය නන් අමාරුයි අප්පා ඒකේ දෙවෙනි එක කොහොමද උත්තර ගොඩනගාගන්නේ කියලා තේරෙන්නේ නෑ අප්පා .... ජර්මන් පේපර් එක නන් ගන්න දෙයක් නෑ ... හයියූ .... ආර්ට් කියලා ලේසි නෑ දෙයියනේ .... ඒ අස්සේ තබ්බෝව වැව කරේ මොන රජාද  .... ශිකේ ..... අලේ මං ලල්ලෑ අලේ ....... අරුන් දෙන්නත් එක්ක පිස්සු කියව කියව ඉන්නකොට මට එක පාරටම මතක් උනේ ප්‍රැක්ටිස් කියලා.... ඔන්න ඔන්න රතු වෙන්න පටන් ගන්නවා , බඩත් ඳඟලනවා වගේ .... පිස්සුනේ .... එයාව දකිනවා මං සති කීපයකට පස්සේ ....ඒත් එයාව දකින එක කෙසේ වෙතත් ප්‍රැක්ටිස් කරන්නත් එපැයි මනුජයා කීවත් වගේ ඒක අපායක් වෙයි ... මොනා උනත් එයාලගෙ වෙන්ඩ මස්සිනා හෙන නපුරුයිලූ .....

_~ අහස් රාගය ~_حيث تعيش القصص. اكتشف الآن