විසිහයවන අඩිය ~ හත්වන රාගය ~

64 4 2
                                    

                                                           M.S.K නම මං හිතන්නේ මාව පිස්සු වැට්ටුවා .... ඒ එයාමද කියලා ශුවර් නැති වෙද්දී ඒ නම දිගේ ඇක් එකට ගියත් මට වැඩි දෙයක් බලන්න හම්බුනේ නෑ ... පිස්සු වැටිලා උන්මත්තකයෙක් වගෙ හිටිය මට සිහිය ආවේ උඩින් පොප් අප් උන කෝල් එකක් වෙද්දී ඒක මට ආන්සර් නොකර ඉන්න බැරි උනා මොකද ඒ අපි හතරදෙනා ඉස්සර දවසක හදාගත්ත ගෲප් එකෙන්  ආව ගෲප් කෝල් එකක් නිසා .... ඉස්සර හතරක් උනු දැන් තුනක් උනු crzy nuts කියපු ගෲප් එක .... ආයෙත් එයාගේ රූපේට ඇස් යවපු මම ඊළඟ මොහොතේ කොල් එක ආන්සර් කරද්දී  ....

"ආ ලෝකවාසී පගයිනි හොඳින් සතුටින් සැපෙන් ඉන්නවැයි "

හැමදාමත් වගේ මිහිරයාගේ කැඩිච්ච රේඩියෝ එක ඉස්සර උනා

" අහ් මිහිර "

" අනේ යකූ තෝව මං අද හවසත් දැක්කනේ වේස බල්ලෝ "

"කවුද ඉතින් ටොගෙන් ඇහුවේ මං ඇහුවෙ අපේ ලොකූගෙන් නේද අයෝස් දොස්තර මාත්තයෝ "

" අනේ මේ උඹලා දෙන්න මරාගන්නේ නැතුව ඉන්නවද .... මොකද දැන් මේ කෝල් ගත්තේ "

කෝල් එක අරගෙනත් උන් දෙන්න මැරෙන්න හදද්දී මට හිනා යන්නත් ආවා ඒ කෑ ගැහීම් මට හුඟක් මිස් වෙලා ඒවා ඇහෙද්දී ඔලුවේ මතුවෙලා තිබ්බ ඝණ දුමාරයෙන් ටිකක් මිදුනා වගේ එකක් තමා දැනුනේ ... ඒත් ඕවා වැඩිය අහන්න බෑ මොකද දෙන්නටම අමතක වෙනවා තමන් මොකක්ද කරන්නේ කොහෙද ඉන්නේ කියන එක ... අනික දෙන්නම සෞන්දර්ය කැම්පස් සිලෙක්ට් උන නිසාත් කැම්පස් ගියාට පස්සේ අර තැන්පත් මනුජව හොයාගන්නත් බැරි උනා වගේම දැන් දෙන්නා තකට තක .... 

" උඹට අපිම කෝල් ගන්න ඕනෙනේ ඒකයි ගත්තේ හුම් "

"හරි ඉතින් .... අතීතයේ යම්කිසි දේවල් උනා තමයි ඉතින් දැන් ඒවා අමතක කරන්න .... "

" ආ හරි හරි උඹට සුභ පැතුම් ලොකූ .... අපිට සතුටුයි උඹ ගැන .... අනික අපි දන්නවා එයා දුර හිටියත් උඹ ගැන ඒකා සතුටු වෙනවා කියන්න ... හරිද ඒ නිසා හිනා වෙලා ඉන්න ... කාලයත් එක්ක ඔක්කොම දේවල් හරියාවි කියලා අපි විශ්වාස කරමු  "

හැමදාමත් වගේ මගේ කටහඬින් එයාලා මාව තේරුම් අරන් තිබුනා .. මට මේ වෙලාවේ අහන්න ඕන කරන්නේ මොනාද කියලා එයාලා දැනගෙන තිබ්බා ... අනේ මන්දා කොහොම ඒක කරනවද කියල නන් ... මට නන්  බෑ  එහෙම කියන්න ...... මං වෙලාවකට පුදුමත් වෙනවා මගේ හිතේ තියෙන දේවල් අම්මා අප්පච්චී වගේ මුන් දෙන්නත් දැනගන්නේ කොහොමද කියලා .... හහ් ඕවා හිතන්න බෑ දැන් ..

_~ අහස් රාගය ~_Where stories live. Discover now