තිස්වන අඩිය ~

42 5 1
                                    


අපිට දෙයක් ජීවිතේදී ලැබෙන්න තියෙනවනන් කවුරුහරි කෙනෙක් මුණ ගැහෙන්න තියෙනවනන් ඒ දේවල් කවදාහරි ලැබෙනවාමයි , මුණ ගැහෙනවාමයි .. ඒකට තමා දෛවය කියන්නේ අර සමහරු කියන්නේ පතාගෙන එනවා කියලා .... අන්න ඒවගේ දෙයක්ද මන්දා මට උනේ ... මීටින් එකට කියලා කම්පැනි එකට ආවට එකේ චෙයාමන්ගේ නමවත් හරියට බලන්නැතුව ආවේ ... මොකද ශ්‍රී ලංකාවේ කම්පැනි පාට්නර්ස්ලා එක්ක ගනුදෙනු කරේ ඩෑඩ් මට ඒවා බලන්න දුන්නේ නෑ කොහෙත්ම ඇයි කියන්න නන් මං දන්නෙත් නෑ ... ඩෑඩ්ව මට මේ වෙනකන් තේරුම් ගන්න බැරි උනා . සමහරවිට කවදාවත් බැරි වේවී ... ඒ නිසා මේ කම්පැනි එක ගැන තොරතුරු සීමිතව තමා මම දැනගන්නේ .. එනකොටත් මීටින් එකේ ෆයිල් එක චෙක් කරා මිසක් චෙයමන් ගැන බැලුවේ නෑ ... ඒ නිසා මං හිතන්නේ මේ දැන් මුහුණ දෙන අවස්ථාවට මම ලෑස්ති නෑ .... දෙවියනේ හෝල් එක ඇතුලේ ඉන්නේ එයාගේ තාත්තා නෑ අප්පච්චී .... ම් ..මගේ ... මගේ ... මගේ රගූගේ අප්පච්චී ... ප්‍රොෆෙශනල් හිනාවක් තිබ්බ ඒ මූණ වෙනස් උනා මාව දැක්කාම ... ම්..මං හිතුවේ නෑ මෙහෙම දෙයක් ... අ..අනේ ම්..මට බ් බෑ දෙවියනේ ... එ..එයා ... එයාත් ඉන්නවද ... මං හිතන්නේ ඒ විනාඩියට මුළු කන්ෆරන්ස් හෝල් එක පුරාම මගේ ඇස් ඒ සුපුරුදු ඇස් දෙක වෙනුවෙන් එහාට මෙහාට කීපාරක් ගියාද මන් දන්නේ නෑ ... ඒත් මාව කව්දෝ හොළවනවා වගේ දැනුන නිසා මගේ අත හොලවන කෙනා දිහා බැලුවෙ ඇයි කියලා අහන්න

"සර් Mr.wijekoon බලාගෙන ඉන්නේ "

අහ්හ් හෝල් එකට ඉස්සෙල්ලම ඇවිල්ලා ඉන්නේ මමද කොහෙද .. කම්පැනි එකේ ඩිරෙක්ට බෝඩ් එකේ කියන්න පුළුවන් කීපදෙනෙකුත් ඉඳගෙන ඉන්නවා පැත්තකින් .. අප්පච්චි හිටගෙන තාම මා දිහා බලාගෙන .. එයාටත් හිතාගන්න බෑ මං හිතන්නේ ..

" ම්..මහී "

හහ් මං ආයේ අප්පච්චි දිහා බලද්දී එයා හොරෙන් වගේ හිමීට කතා කරපු නම නිසා ගැස්සිලා ගියා ... එයා මාව අදුරගෙන අනේ අප්පච්චී ... මගේ මූණේ හීන් හිනාවක් ඇඳුනා ... මට සතුටුයි ...

" Hello Mr. Wijekoon I'm Mahee kaluarachchi It's an honer to meet you "

"Hello Mr. Kaluarachchi same here take a sit "

" Thank you "

"අනික් පිරිස දැන් ආවා කියලා මට දැනුම් දුන්නා තව විනාඩි 5ක් තියෙන නිසා ටිකක් බලමු නේද ප්‍රශ්නයක් නෑ නේද ජෙන්ට්ල්මන්ට්ස් ? "

_~ අහස් රාගය ~_Where stories live. Discover now