"අයෝශ් ට 4 දෙනෙක් ට්‍රේන් කරන්න පුලුවන් නේද පුතා ? චන්දුටයි මහේශ්ටයි එන්න වෙන්නේ නෑ එයාලට දැන් එක්සෑම් ළඟ නිසා .... "
"හරි අව්ලක් නෑ සර් ... මට පුළුවන් "
"හරි එහෙනන් අයෝශ් ට මං මැත්ස් එකේ සසිත් ආර්ට් එකේ මිහිර , මනුජ , මහී කියන අයව භාර දෙනවා.... හතරදෙනාම කම්මැලියෝ .... මුන් හතරදෙනාගේ කම්මැලිකම කඩලා ගනින් අයෝශ් "
"හරි සර් "
දෙවියනේ ... ඇහුවා නේද මං කියපු එක ... උම්මා උම්මා ආදරෙයි දෙයියෝ මං ඔයාට කිරිටොපියක් ගෙනත් දෙනවා මේ කරපු දේට .... අර අයියලා දෙන්නා ආවේ නැති එකම කොච්චර දෙයක්ද නැත්තන් අපිව ඒ දෙන්නටනේ යන්නේ..... මගේ නම කියනකන් බලාගෙන ඉදලා පපුව ගැහිලා ගැහිලා එළියට පනින්න ඔන්න මේන්න තිබ්බේ .... හම්මෝ හැති .. මං පුපුවටත් අත තියාගෙන එයා දිහා බලද්දී ..... දිල්තෝ පාගල් හේ දිල් දිවානා හේ ...... සිංදු කෑල්ලක් ඔලුවේ ඇහුනා ඇහුනා වගේ ... රෝස මල් පෙති කඩාගෙන වැටෙනවා වගේ , පරවියෝ රෑනක් පියාඹලා ගියාදෝ මන්දා , එකපාරටම හුළඟක් ඇවිල්ලා එයාගේ කෙස් අව්ල් කරගෙන හමාගෙන ගියාත් වගේ... දෙන්නට දෙන්නා බලාගෙන ..... ඒහ් .... එයා එච්චර දුරිනුත් නෙමේ හිටියේ ... ඇස් විතරක් ලොකු කතාවක වගේ .... මගේ අත තවත් පපුවට හිර වුනේ ඇත්තමයි පපුව තවත් ගැහුනොත් මාව මෙතනම ඇදගෙන වැටෙයි කියලා හිතුන නිසාමයි ... එයාගේ ඒ උනාට කිසිම රියැක්ශන් එකක් නෑ .... ඇස් දිහා බලාගෙන හිටියා විතරයි ..... මට දැනෙන දේවල්ම ඔයාටත් දැනෙනවද අයෝශ් ........
" ඈ බම් උඹ මොකද කරන්නේ ඔය පපුවට අත තියාගෙන .. ඇයි හාර්ට් ඇටෑක් එකක්ද ? "
ඔව් යකූ ඔව් ... එයා මං දිහා බලාගෙනනේ ඉන්නේ .... අනේ බේසමක් ගෙනෙන් මාව දියවෙනවා වගේ .....
" ඒ මහී අඩෝ උඹට ලෙඩක්ද .... උණද .... මෙච්චර රතු වෙලා මොකද ... ඒ කතා කරපන් ... අඩෝ .... මොකද බන් මේ ...."
මොකක්ද කීවේ රතු වෙලා ... ඉවරයිනේ ඉතින් .... මාව හොළවනවා වගේ දැනෙද්දී තමා බය වෙලා ඉන්නා මාගේ අති ප්‍රියාදර මිතුරන් දිහා මං බැලුවේ .... පව් හනේ ....
" න්-නෑ නෑ රස්නේ වගේ ටිකක් "
ඇත්ත කියන්න බෑනේ ......
YOU ARE READING
_~ අහස් රාගය ~_
Non-Fictionතරු පිපුණු රෑ අහසේ සුපිපුණූ සඳ මඩල යට විකසිත වූ හදේ හුස්ම දියකරමි නුඹ මායාවේ ...... ❤️❤️❤️ මහ වැසි මැද කුනාටු අභියස වුවද රැඳෙමි ඔය දෑත මත ඉඩෝරයට වැටී මහ වැස්සක්ව...... 💛💛💛