විසිනවවන අඩිය~

44 2 0
                                    


"අහ් .. හෙලෝ මනුජයා මොකෝ මට කෝල් එකක් ගන්න කියලා මැසෙජ් එකක් දාලා තිබ්බේ "

"මේ අයියේ උබ හෙට මොකද කරන්නේ .. වැඩක්ද "

"හෙට කොල්ලෝ කොළඹ යන්න ඕනේ කැම්පස් එකට ගිහින් හොස්පිටල් එකට යන්න ඕනේ බන් අනිද්දා ඉඳන් වැඩ භාරගන්න ඕනෙනේ .. මොකෝ සීන් එක "

" අඩේ මට ඒක අමතක උනා අපිට ඉවර උනාට උබට ඉවර නෑ කියලා .. මේ මං ගත්තේ දානයක් ගැන කියන්න අනිද්දා තමා ඒක දෙන්නේ හෙට ගිහින් බලන්න ඕනේ එතනට ... උබවත් එක්ක යන්න කියලා බැලුවේ කොහෙද ඉතින් "

" කොහෙද ? කීයටද ? කාටද ? හේතුව ? "

" පගෝ හේතු ඕනේද බන් දානේ දෙන්න .... ඔන්න අපේ අම්මලා උබලගේ අම්මට කෝල් එකක්දුන්නද කොහෙද-"

"දැන් ? කෝල් එකක් දුන්නද ... යකූ දැන්නේ මං අම්මලත් එක්ක ඉඳලා ආවේ ... අනේ ඇත්තමයි මේ අම්මත් නන් ශුවර් එකටම දැන් ඕක මතක නෑ .. කොහෙද යක්කු පැටව් දෙන්නා දැක්කාම ඕක්කොම අමතකයි "

"ඕයි ඕයි උබ ඔය දාගෙන බයින්නේ බොගෙ අම්මට .. යසයි පුතන්ඩියා හැදෙන අපූරුව "

"ඉතින් හනේ ඇත්තනෙ කිය-"

"ඇති ඇති තෝ මාත් එක්ක හුරතල් වෙන්න එපා ඩෝ .. කැතැයි ... යකූ මං කියන්න හදන එක කියන්න දීපිය ඉස්සෙල්ලා රෙද්ද "

" හා හා ඉතින් "

" හහ්හ්හ්හ්හ්හ් හරි අංගොඩ මෙන්ටල් හොස්පිටල් එකට දානේ දෙන්නේ ... අපේ අම්මියාගේ හොඳම යාළුවා එහෙලු බං ...අම්මට සෑහෙන්න මතක් වෙනවලූ ඒ යාළුවාව ... හරි ලස්සනයිලූ ... එයාගේ කසාදෙදී මොකක් හරි නිසා තමාලු එහෙම වෙලා තියෙන්නේ .. අම්මා කියද්දිත් මට පව්ව් කියලා හිතුනා බං .... හ්ම්ම් එයාව බලන්නත් එක්ක ඔක්කෝමලා යනවා ඉතින් සෙට් එකේ කෙල්ලෝ ටිකත් එක්ක ඒකයි උබත් අඩු වෙන්නැතුව ආවොත් හොඳයිනේ කියලා ගත්තේ "

" අහ්හ් එහෙමත් එකක්ද මං හෙට පුළුවන් උනොත් එන්න බලන්නන් හොඳේ අනිද්ද නන් කොහොමත් බැරි බව උබ දන්නවනේ ... උබලා හොස්පිටල් එකට ආවම වගේ මට කෝල් එකක් දියම් එහෙනන් .."

" හා හා පුළුවන් නන් වරෙන් උබටත් ඇඳක් එහෙම ඕඩර් කරලා ආවැහැකි මුදල් අය කරගන්නෙත් නෑනේ "

_~ අහස් රාගය ~_Tempat cerita menjadi hidup. Temukan sekarang