Shirtless Taekook🙈💚💜️
"අර්හ්, මට හිතාගන්න බැරි අර කොහෙවත් යන ඇල්ෆා පැටියෙක් නිසා මට එකපාරට rut එක හැදුනෙ කොහොමද කියලා??" මිටි මොලවාගත් ටේහ්‍යොන්ග්ගෙ අත වේගයෙන් ගොස් ගල් බිත්තියෙ වැදී පැලී ගියත් ඒ මොහොතේ ටේහ්‍යොන්ග් විඳිමින් සිටි වේදනාව නිසාවෙන් ඔහුට එයින් පුංචිමවත් රිදීමක් දැනුනෙ නැහැ.මොහොතකින් ලේ පැල්ලම් පමණක් ඉතුරු වෙන ලෙස අතෙහි තුවාලය වැසී යන යුරු දෙස බලා සිටි ටේහ්‍යොන්ග් දිගු හුස්මක් උඩට ඇදගත්තා.
අවුරුදු 17ක් උනු ටේහ්‍යොන්ග් තවමත් ඔහුගෙ සහකරු සොයාගෙන නොමැති වූ නිසාවෙන් වසරකට දෙවතාවක් හැදෙන ඔහුගෙ rut එක වෘක රාජධානිය මැද්දට වෙන්න තිබුණු හුදෙකලා කඳු නිම්නයක තිබුණු ගල් ගුහාවක තනිවම ගත කලා.
ටේහ්‍යොන්ග්ට එය වෙනත් අයෙකු හා ගත කල හැකිව තිබුණත් ඔහුගේ ඇල්ෆා වෙනත් අයවලුන්ගේ ස්පර්ශයන් පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කල නිසාවෙනුත් ටේහ්‍යොන්ග් යනු ආදර සම්බන්ධතා වැනි විශයන් පිළිබඳව උනන්දු නොවූ අයෙකු වූ නිසාවෙනුත් වෙනත් ඇල්ෆා වරුන්ට වඩා වසරකට කලින් එනම් අවුරුදු 16න් වෙනුවට අවුරුදු 15න් ආරම්භ උනු ඔහුගෙ කිසිම රට් එකක් ටේහ්‍යොන්ග් මේ වනතුරුත් වෙනත් අයෙකු සමඟින් ගත කරලා තිබුනෙ නැහැ.
නමුත් ටේහ්‍යොන්ග්ට පුදුම තවත් දෙමසක කාලයක් ඉතිරිව තිබියදී එක්වරම ඔහුගෙ රට් එක මෙසේ හදිසියේම ආරම්භ වීම. ඊටත් වඩා එය සිද්ද උනේ ඔහුට අද උදෑසන හමුවූ ආඩම්බරකාර ඇල්ෆා කුමාරයෙක් ඉදිරියේ නිසාවෙන් ටේහ්‍යොන්ග් ඒ පිළිබඳව පසු උනේ යම් තරමක කෝපයකින්.
ඒ දේවල් එසේ වෙද්දී ජන්ග්කුක් නැවතත් සිය පියාණන් සමඟ ඔවුන්ගේ මන්දිරයට ගොස් තිබුණා.
YOU ARE READING
The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️
FanfictionSequel to 'His Baby Omega' Love triangle? Threesome? Anyways, it won't be your typical threesome story ;) Started : 2023 - 09 - 27 Finished : 2024 - 02 - 08 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ...