කොහොමහරි ඒ සතිය අවසානයේදී ජියාගෙ තර්ජන නිසාවෙන්ම ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ට ශූට් කරන්න උගන්වන්න එකඟ වුණා.
"ඔයාට හුරු දකුණු අතනෙ?" ටේහ්‍යොන්ග් ඇහුවම ජන්ග්කුක් ඔලුව වැනුවා.
"හරි.. හුරු අත මෙහෙම තියාගෙන ගන් එක තදකරලා අල්ලගන්න මෙතනින්. අනිත් අත මෙහෙම. ඔයා හරියටම ඉලක්කය ගන්නකම් ඔයාගෙ දබරැඟිල්ල trigger guard එකට ඈතින් තියාගන්න ඕනෙ." ටේහ්‍යොන්ග් තුවක්කුව අල්ලගන්න හැටි කරලා පෙන්නුවම ජන්ග්කුක් එයාව අනුගමනය කරා.
"බය නොවී හයියෙන් අල්ලගන්න.. ඔයාගෙ ඉරියව් කෙලින් තියාගන්න. උරහිස් ගානට කකුල් වල පරතරය තියාගෙන කකුල් පොඩ්ඩක් නවන්න." ටේහ්‍යොන්ග් නැවිලා ජන්ග්කුක්ගෙ දණහිස් වලට තට්ටුවක් දාලා නිවැරැදි ඉරියව්ව ගන්න උදව් කරා.
"තුවක්කුවේ කට වගේම ඔයාගෙ ඇසුත් කෙලින්ම ඉලක්කයට aim කරගන්න. ඊටපස්සෙ trigger එක press කරන්න." ටේහ්‍යොන්ග් කියලා දෙන ගමන්ම එයාගෙ aim එක අරගෙන fire කරා.
ටේහ්‍යොන්ග්ගේ වෙඩි පාර ඉලක්කය හරි මැදින් පසාරු කරගෙන ගිහින් තියෙනවා දැක්කම ජන්ග්කුක්ගෙ ඇස් තත්ත්පරේකට විසල්ව ගියා. ටේහ්‍යොන්ග්ගේ තොල් මතින් ආඩම්බරය මුසු සිනහවක් ඇඳිලා තියෙනවා දකිද්දි ආයෙමත් සුපුරුදු විදිහට ටේහ්‍යොන්ග්ට රවපු ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ව අනුගමනය කරලා කොකා ගැස්සුවා.
ඒත් තුවක්කුවෙන් පිට උනු සද්දෙට ගැස්සිලා ගියපු ජන්ග්කුක් ඇස් තදින් වහගනිද්දි ඒ කලබලය නිසාම ජන්ග්කුක් වෙතින් ඉලක්කය මඟ හැරිලා ගියා. ටේහ්‍යොන්ග්ගේ සමච්චල් සහගත සිනහව දකින්න බැරි නිසාම ජන්ග්කුක් ආයෙමත් ඇස් තදකරලා පියාගත්තත් ටේහ්‍යොන්ග් එයාට ළංවෙලා උරහිස උඩින් අත තිබ්බා.
YOU ARE READING
The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️
FanfictionSequel to 'His Baby Omega' Love triangle? Threesome? Anyways, it won't be your typical threesome story ;) Started : 2023 - 09 - 27 Finished : 2024 - 02 - 08 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ...