"ම්ම්හ්!" දින කිහිපයකට පසු පියවී ගිය රවුම් දෑස් විවර වෙත්ම ඒ පණිවිඩය ලත් ඩොක්ටර් කන්ග් ඉක්මනින්ම ඔහු සොයා ආවා.
"හායි.. මාව අඳුරගන්න පුළුවන්ද?" ඩොක්ටර් කන්ග් එහෙම ඇහුවත් රවුම් දෑස් වල පිරිලා තිබුනෙ හැඟීම් විරහිත හිස් බැල්මක්.
"ඔයාට සිහි නැතිවෙන්න කලින් අපි මුණ ගැහුනා.. මතකද?" ඩොක්ටර් කන්ග් ආයෙමත් උත්සාහ කරත් සයනය මත දුර්වලව වැතිර සිටින තරුණයාගෙන් ඔහුට ප්‍රතිචාරයක් නම් ලැබුනෙ නැහැ.
"ලීනා.." ඩොක්ටර් කන්ග් ඊළඟට තරුණයාව බලා ගැනීම පිණිස පත් කර සිටි නර්ස් දෙසට හැරුණා.
"ඩොක්ටර්?"
"මැනේජර් මින්හොව මීට්වෙලා අපේ මේ අමුත්තගෙ යාලුවෙක්ව එක්කගෙන එන්නකො."
ඩොක්ටර් කන්ග් අණ කරාම ඔහුට කීකරු උනු ලීනා මින්හොව හොයාගෙන ගියා.
"ලිට්ල් ඇල්ෆා බයවෙලාද ඉන්නෙ?" ඩොක්ටර් කන්ග් තරුණයාගෙ නළලෙන් අත තියන්න ගියත් ඔහු ඉක්මනට හිස පසෙකට කරද්දි ඩොක්ටර් කන්ග්ගෙ මුවඟට සිනහවක් නැගුණා.
"ආඩම්බරයි වගේ.. ඒකට කමක්නෑ. අඩුගානෙ ඔයාට සංවේදන දැනෙනවා කියලා හරි මං ඒකෙන් දැනගත්තනෙ."
ටිකවෙලාවකට පස්සෙ ලීනා සහ තවත් හැඩි දැඩි පෙනුමක් ගත් පුද්ගලයෙක් handcuffed කරපු werewolf කෙනෙක්ව එක්කගෙන ආවා.
"ඔහ්.. එන්න එන්න.. ඇවිත් බලන්න ඔයාලගෙ මේ යාලුවව අඳුරනවද කියලා." ඔහු දෙසට ගෙරවිල්ලක් පිටකරපු werewolf දෙසට සිනාමුසු බැල්මක් යොමුකරමින් ඩොක්ටර් කන්ග් පැවසුවා.
පෙනුමින් ගාඩ් කෙනෙක්ගෙ ස්වරූපය ගත් හැඩි දැඩි පුද්ගලයා විලංගුලා තිබුනු werewolfව ඉදිරියට තල්ලු කරා.
YOU ARE READING
The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️
FanfictionSequel to 'His Baby Omega' Love triangle? Threesome? Anyways, it won't be your typical threesome story ;) Started : 2023 - 09 - 27 Finished : 2024 - 02 - 08 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ...