"තමුසෙගෙන් අහනවට වඩා හොඳයි මං ඔමේගා කෙල්ලෙක් එක්ක නටන එක." එහෙම කියපු ටේහ්‍යොන්ග් ආපහු එන්න හැරුනත් ඉක්මන් උනු ජන්ග්කුක් දුවගෙන ගිහින් ටේහ්‍යොන්ග්ගෙ කරට පැන්නා.
"හරි හරි ඒයි.. ජෝක් එකක්නෙ කලේ." ජන්ග්කුක් කිව්වත් ටේහ්‍යොන්ග් මුකුත් නොකියා ඉස්සරහට ඇවිදගෙන ගියෙ එයාගෙ කරේ එල්ලිලා ඉන්න ජන්ග්කුකුත් ඒත් එක්කම ඉස්සරහට ඇදෙද්දි.
"බූරුවා.. තියෙන ආඩම්බරකම විතරක්." ජන්ග්කුක් තනියෙන්ම ටේහ්‍යොන්ග්ට බනින්න ගත්තම ටේහ්‍යොන්ග්ගෙ තොල් කොනක් යාන්තමට හෙල උනත් එයා ආයෙමත් සුපුරුදු expressionless look එක මූණට ගත්තා.
"වෙලාවට ඇවිත් හෝල් එකේ ඉන්නවා.. අනික ඔච්චර ස්වීට්ස් ගිලින්නෙපා.. තමුසෙයි අර මැට්ටියි දෙකම එකයි." පාටි එක පටන් ගන්න වෙලාව හරි කියලා දැකපු ටේහ්‍යොන්ග් ජන්ග්කුක් දිහා නොබලම එහෙම කියලා එයාගෙ බෙල්ල වටේට එතිලා තිබුණු ජන්ග්කුක්ගෙ අතත් විසිකරලා දාලා ඇල්ෆා කිම් හිටපු තැනට යන්න හැරුණා.
පිටුපාලා යන ටේහ්‍යොන්ග්ට රවපු ජන්ග්කුක් ආයෙමත් ජියාව හොයාගෙන සෙනඟ අස්සෙන් රිංගලා ගියෙ පටන් ගන්න ඔන්න මෙන්න තියෙන ටේහ්‍යොන්ග්ගෙ birthday party එක ගැන ගානක්වත් නැතුව.
ටේහ්‍යොන්ග් ආවට පස්සෙ ඇල්ෆා කිම් උත්සවය පටන් ගත්තා. ඇවිත් හිටපු පැක් වල ඇල්ෆලා ලූනලා වගේම ඒ අයගෙ දරුවොත්, සහභාගි උනු අනිත් හැමෝමවත් පිළිගත්තට පස්සෙ ටේහ්‍යොන්ග් එයා වෙනුවෙන් සූදානම් කරලා තිබුණු ලොකුම ලොකු උපන්දින කේක් එක කපන්න සූදානම් වුණා.
කේක් එක කපන්න ලෑස්ති වෙද්දි තමයි ටේහ්‍යොන්ග් දැක්කෙ දම්පාට රිබන් එකකින් ලස්සනට සරසලා තිබුණු පිහියෙ අයිසින් ගෑවිලා තියෙනවා කියලා. ඒත් එක්කම කේක් එකේ පැත්තක්ම හිස් කියලා දකිද්දි ළඟින් හිටපු හැමෝම නොසන්සුන් උනත් අමුත්තන්ට පේන්න තිබුණු පැත්ත ගානට ලස්සනට වෙනසක් නැතිව තිබුණු නිසා දිග හුස්මක් උඩට අරන් සන්සුන් උනු ටේහ්‍යොන්ග් වෙනසක් නොපෙනෙන විදිහට කේක් එකෙන් කෑල්ලක් කපලා ළඟින්ම හිටපු ඇල්ෆා කිම්ටයි, ග්‍රෑන්ඩ්මාටයි, හෝසොක්ටයි කැව්වා.
YOU ARE READING
The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️
FanfictionSequel to 'His Baby Omega' Love triangle? Threesome? Anyways, it won't be your typical threesome story ;) Started : 2023 - 09 - 27 Finished : 2024 - 02 - 08 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ...