V ගෙ ඇස්.. ඒවා යාන්තමට උනත් ගැස්සිලා ගියා. එයාගෙ හුස්ම පවා මොහොතකට හිරවුණා. වේලිලා ගියපු තොල් හිමීට තෙමාගන්න ගමන් V ටේමින් කියපු දේවල් ඇහුනු බව අඟවමින් ඔලුව වැනුවා. ඒත් ඒ ඇස් සම්පූර්ණ යොමුවෙලා තිබුනෙ ටේමින් පිටුපස හිටපු තරුණයා ළඟ.
ටේමින් තවත් මොන මොනවදෝ කියලා Vගෙ කාමරයෙන් පිටවෙද්දි තරුණයා එතනම නැවතුනා. V ඒ ඇස් දිහා බැලුවා. කිසිම හැඟීමක් නැති ඒ ඇස් හිස් බවකින් පිරිලා තිබුණා.
සුසුමක් හෙලපු V ඉස්සරහට අඩිය තියලා ඒ තරුණයාගේ අතකින් අල්ලගත්තා.
"ජන්ග්කුක්.. නේද?" V ඇහුවත් ජන්ග්කුක්ගෙන් පිළිතුරක් ලැබුනෙ නෑ.
ඒ නිසා හිස දෙපසට සලපු V ජන්ග්කුක්ව රූම් එක ඇතුලට අරගෙන දොර වහලා දැම්මා.
"ඔයා දන්නවා ඇතිනෙ ඔයා මෙතනට ආපු හේතුව?" V ඇහුවත් ජන්ග්කුක් මුකුත්ම කිව්වෙ නෑ.
"Tsk" ජන්ග්කුක්ගෙන් ප්‍රතිචාරයක් නොලැබෙද්දි නොරිස්සුම් බවකින් මුමුණපු V ජන්ග්කුක්ව එයාගෙ ඇඳ උඩින් ඉන්ඳෙව්වා.
"ඔයාට ඕනෙ කතාවක් නැතුවම වැඩේ කරන්න නම්.. මටත් අවුලක් නෑ." එහෙම කියපු V එයා ඇඳගෙන හිටපු සුදු පාට ශර්ට් එකේ බොත්තම් ගලවන ගමන් ඇවිත් ජන්ග්කුක්ගෙ මූණට බරවුණා.
ඒත් ඒ හිස් ඇස්වල වෙනසක් උනේ නෑ. ඒ නිසාම ජන්ග්කුක්ව ඇඳ මැද්දට තල්ලු කරපු V ජන්ග්කුක් ඇඳගෙන හිටපු ලා නිල් පාට කමිසය උරහිසෙන් පන්නලා ජන්ග්කුක්ගෙ කකුල් ඈත් කරන ගමන් ඒ කකුල් මැද්දට වුණා. එක අතක් හිමීට ජන්ග්කුක්ගෙ කමිසය අස්සෙන් නිරුවත් සම දිගේ උඩට කරමින් V ඒ තොල් වලට බර උනත් ඔහුගෙ ළය මතින් තද උනු දෑත් යුගලයක් ඔහුව පිටුපසට කරන්නට උත්සාහ ගත්තා.
YOU ARE READING
The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️
FanfictionSequel to 'His Baby Omega' Love triangle? Threesome? Anyways, it won't be your typical threesome story ;) Started : 2023 - 09 - 27 Finished : 2024 - 02 - 08 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ...