Chapter 20

1.2K 218 67
                                    

"බොස් වැඩේ හරි." යුන්ගිගෙ ජයග්‍රාහී හිනාවත් එක්ක කට කොනකින් හිනා උනු ශෙලී යුන්ගිගෙ උරහිසට තට්ටුවක් දැම්මා.

"Well done!"

"හැබැයි වැඩේ ටිකක් අමාරු වුණා බොස්. අපිට werewolvesලා දෙන්නෙක් එක්ක ෆයිට් කරන්න උනා."

"What?" යුන්ගි කියපු දේත් එක්ක ශෙලී ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා.

"ඔව් බොස්.. කෙල්ලෙකුයි, කොල්ලෙකුයි. මං ඒ දෙන්නවත් අරගෙන ආවා ටේහ්‍යොන්ග්ට ඒ අයගෙන් උදව්වක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා."

"ම්ම්.." ශෙලී කල්පනාකාරීව ඔලුව වැනුවා.

ඒත් එක්කම ඇහුනු විශාල ශබ්දයක් එක්ක කලබල උනු ශෙලී සහ යුන්ගි දෙන්නම ඉක්මනටම ඒ හඬ ඇහුනු දිහාවට දිව්වා.

"අරුන් දෙන්නා පැනලා යන්නද කොහෙද හදන්නෙ බොස්." එයාලගෙ ගමන් මාර්ගය වැටෙන්නෙ හෝසොක් සහ ජියා හිරකරපු සිරකුටියට කියලා තේරෙද්දි යුන්ගි කෑගැහුවා.

ශෙලී ඉනේ තිබුණු පිස්ටල් එකත් අතට අරගෙන වේගයෙන් දුවද්දි යුන්ගිත් එයාට පුළුවන් තරම් වේගයෙන් සිර කුටිය දිහාවට දුවන්න ගත්තා.

"ඔහ්!" තැලිලා දෙපැත්තට ඈත්වෙලා ගියපු යකඩ කූරු දිහා බලපු ශෙලී වෙතින් පිටවුණා.

ඒත් එක්කම එතනට ආපු යුන්ගිගෙ ඇසුත් ඇදවෙලා ගිහින් තියෙන ‍යකඩ කූරු හරහා ගොස් එකිනෙකාට තුරුල්වෙලා ඉන්න තුන්දෙනා ගාවින් නැවතුණා.

"Damn it!" යුන්ගි වෙතින් පිටවෙද්දි ශෙලී හිනාවෙලා යුන්ගිගෙ කරට අත දාගත්තා.

"බලන් ගියාම ඔයා ඔයාගෙ හොඳම යාලුවට කරන්න පුළුවන් ලොකුම උදව්ව කරලා තියෙන්නෙ."

"මං දැනන් හිටියෙ නෑ.. මට නිකමටවත් හිතුනෙ නෑ ඒ ටේගෙ යාලුවයි නංගියි කියලා." යුන්ගි එහෙම කිව්වෙ අවංකවම.

ඒ දෙන්නගෙ කටහඬවල් ඇහෙද්දි ටේහ්‍යොන්ග්ගෙ තුරුලෙන් ඈත් උනු ජියා සහ හෝසොක් කෝපයෙන් දැවෙන දෑස් වලින් යුන්ගි දිහා බැලුවත් ශෙලීගෙ ඉව දැනෙද්දි ඒ ඇස් කුතුහලයෙන් පිරුණා.

"බය වෙන්න දෙයක් නෑ.. මේ ඉන්නෙ මගෙ යාලුවො." ටේහ්‍යොන්ග් එහෙම කිව්වම හෝසොක් සහ ජියා සන්සුන් වුණා.

The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️ Where stories live. Discover now