නිල් පැහැයෙන් වැහිලා තිබුනු මහ මුහුද මැද ගත කරපු දුෂ්කර දවස් කීපයකට පස්සෙ ඈතින් ගොඩබිමක සේයාවක් පෙනෙද්දි ටේහ්‍යොන්ග්ට මතක් උනා එයාගෙ අප්පා එයාලට සමුදෙන වෙලාවෙදි එයාට කියපු දේ.
"True blood alpha කෙනෙක් කියන්නෙ ගොඩක් විශේෂ කෙනෙක් ටේහ්‍යොන්ග්. True blood alpha කෙනෙක් කියන්නෙ පොඩිමවත් දුර්වල කමක් නැති ගොඩක් බලවත් කෙනෙක්. ඒත්.. true blood alpha කෙනෙක්ට තියෙන එකම දුර්වලකම එයාව සම්පූර්ණයෙන්ම දුර්වල කරලා දාන්න උනත් පාවිච්චි කරන්න පුළුවන්."
"අප්පා?"
"True blood alpha කෙනෙක් ශක්තිමත් වෙන්නෙ එයාගෙ පැක් එක එයා එක්ක ඉන්නකම්. ඔයාගෙ ලූනා, ඔයාගෙ පවුල, ළඟම යාලුවො ළඟ ඉන්නකම්. ඉතින් ශක්තිමත් true blood alpha කෙනෙක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඔයා ඔයාගෙ පැක් එක හොයාගන්න ඕනෙ. ඔයා ඔයාගෙම පැක් එකක් හදාගත්තු දවසට ඔයාට පුළුවන් ඕනෙම සටනක් ජයගන්න. ඉතින් යන්න.. ගිහින් ඔයාගෙ පැක් එක හොයාගන්න. ඔයා අනිවාර්යයෙන්ම ඒක කරයි ටේහ්‍යොන්ග්. මට මගෙ පුතාව විශ්වාසයි."
"ටේ.. අපිට මෙතන ඉඳන් පීනගෙන යන්න වෙනවා. මිනිස්සු නැති පැත්තකින් ගොඩබිමට ඇතුල්වෙන එක හොඳයි කියලා ඇල්ෆා කිම් කිව්වා." හෝසොක්ගෙ කටහඬෙන් කල්පනාවක ගිලිලා හිටපු ටේහ්‍යොන්ග් පියවි සිහියට ආවා.
"කිසිම සාක්ෂියක් නැතිවෙන විදියට නැවේ තියෙන අපේ බඩු ඔක්කොම අරගන්න ඕනෙ."
"මං නැව් තට්ටුව සම්පූර්ණයෙන්ම සුද්ධ කරා අයියා.. අපේ බෑග් ටික විතරයි අරගෙන යන්න තියෙන්නෙ." ජියා කිව්වම ටේහ්‍යොන්ග් ඔලුව වනලා ඝනකම් සම් වලින් නිමවපු එයාගෙ බෑග් එක අරන් පිටේ එල්ලගත්තා.
YOU ARE READING
The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️
FanfictionSequel to 'His Baby Omega' Love triangle? Threesome? Anyways, it won't be your typical threesome story ;) Started : 2023 - 09 - 27 Finished : 2024 - 02 - 08 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ...