Chapter 8

1.5K 258 76
                                    

ජිම් එකේ මැද තිබුණු බාර් එකේ එල්ලිලා workout කරන කඩවසම් තරුණයගෙ සුදුමැලි පාට සම දාඩියෙන් පෙඟිලා දිලිසෙන දිහා වයස කීයද කියලා හිතන්න බැරි තරම් රූමත් බවක් ගත්තු, සම්පූර්ණයෙන්ම තද කළු පැහැයෙන් සැරසිලා හිටපු සුන්දර තරුණියක් වශීවෙලා වගේ බලාගෙන හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිම් එකේ මැද තිබුණු බාර් එකේ එල්ලිලා workout කරන කඩවසම් තරුණයගෙ සුදුමැලි පාට සම දාඩියෙන් පෙඟිලා දිලිසෙන දිහා වයස කීයද කියලා හිතන්න බැරි තරම් රූමත් බවක් ගත්තු, සම්පූර්ණයෙන්ම තද කළු පැහැයෙන් සැරසිලා හිටපු සුන්දර තරුණියක් වශීවෙලා වගේ බලාගෙන හිටියා.

මොහොතකින් බාර් එක අතෑරලා බිමට පැන්න ඔහු බිම තිබුණු වතුර බෝතලය එක හුස්මට බීගෙන ගියා. සුදුමැලි පෙනුමක් ගත්තු ඔහුගෙ දෙතොල් පවා මැලවුණු රෝස පැහැයක් ගත්තා. හිතුවක්කාර ඔහු, දින ගණනක් හාමතින් බව ඒ දෙතොල් ඇයට පැවසුවා.

"හැන්ඩ්සම්!" ඇයගෙ කටහඬට තිගැස්සී ගියපු තරුණයා ඇය වෙතට හැරුණා.

"ඇල්තීනියා??"

"ම්ම්.. වෙන කාටද පුළුවන් Vට නොදැනෙන්න එයා ළඟට ළංවෙන්න?" V ළඟට ළංවුණු ඇය ඔහුගෙ නිරුවත් උඩුකය දිගේ අතැඟිල්ලක් පාතට ඇදගෙන ගොස් ඔහු ඇඳගෙන හිටි sweatpants එකේ දාරය මතින් නතර කලා.

"ඇයි මෙහෙ?"

"හරිම නරකයි V, ඔයා අඩුගානෙ මට greet වත් කරේ නෑ." ඇගේ රත් පැහැ දෙතොල් උල් වී ගියත් ඒ අඳුරු දෑස් වලින් නම් ඈ මවාගන්නට උත්සාහ කරපු සුරතල් පෙනුම දිස් උනේ නැහැ.

ඇගේ වචන වලට කට කොනකින් සිනාසුණු V පසෙක තිබුණු ටීශර්ට් එක ගෙන එය ඇඳගත්තා.

"ඔයා හොඳටම දන්නවනෙ ඇල්තීනියා, V කියන්නෙ කවදාවත් හොඳ ගතිගුණ තිබුණු කෙනෙක් නෙවෙයි කියලා."

"අන්න ඒකමයි මං ඔයාට කැමති."

"ඒක නෙවෙයි නියම හේතුව!" V තියුණු බැල්මක් ඇල්තීනියා වෙතට හෙලුවා.

"ඔව්, මට ඔයාව මගෙ සයිඩ් එකට ගන්න ඕනෙ. මොකද.. ඔයා තමයි මගෙ මායාවට යටත් නොවුණු එකම කෙනා. තාමවත් ඔයාගෙ තීරණයෙ වෙනසක් නැද්ද?"

The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️ Where stories live. Discover now