Hyung will take care of it😭💚💜️
ටේමින් අතින් දැල්වෙන ගිනිකූර Vගෙ සිරුර මතට අතෑරෙනවත් එක්කම වේගයෙන් ආපු කෙනෙක් ඒ ගිනිකූර අත්ලට ගුලිකරගෙන ටේමින්ගෙ ඇඟට කඩාගෙන පැන්නා."හ්‍යොන්ග්.." ටේමින්ට ජන්ග්කුක්ගෙ කටහඬ යාන්තමට ඇහුනා. ඒත් එක්කම ඇස් කොනින් වගේ එයා දැක්කා ජන්ග්කුක් Vව වත්තන් කරගන්නවා.
බිම වැටුනු ටේමින්ට හිතන්නවත් අවස්ථාවක් නොදීම ශක්තිමත් ප්‍රහාරයන් එකදිගට මූණ හරහා එල්ල වෙද්දි ටේමින් උත්සාහ කරා ආපසු පහර දෙන්න. කොහොම උනත් ඒ කෙනාගෙ කෝපයත් එක්ක ඒ ශක්තිමත් ප්‍රහාරයන්ට ප්‍රති ප්‍රහාර එල්ල කරන එක හිතන තරම් ලේසි කාර්යයක් උනේ නෑ.
ඒ උනත් වැම්පයර් කෙනෙක් උනු ටේමින් සටනකින් තොරව ටේහ්‍යොන්ග්ට යටත් වෙන්න කැමති උනේ නෑ. ඒ නිසාම ඒ දෙන්නා අතර ඇති උනේ තියුණු සටනක්. හැබැයි ඒ සටනින් වැඩිම හානියක් උනේ ටේමින්ට කියන එකට ලේ වලින් වැහිලා ගියපු ඔහුගෙ මුහුණ සාක්ෂියක් වුණා.
"උඹට මගෙ මල්ලිට අත තියන්න කොහෙන් ආව හයියක්ද යකෝ???" කෝපයෙන් කරපු ගිගිරීමකුත් එක්ක අවසානයේදී ඔහුගෙ සිරුරින් ඉවත් උනු ටේහ්‍යොන්ග්ගෙ රක්ත වර්ණ ඇස් දිහා බලපු ටේමින් පැලිලා ලේ ගලන තොල් කොනක් පිහදාන ගමන් කට කොනකින් හිනාවෙලා බැලුවා.
ඒත් ඒ හිනාවට වැඩි ආයුශ තිබුනෙ නෑ. ටේමින් පැත්තකට විසිකරලා තිබුණු පෙට්‍රල් කෑන් එක අතට ගත්තු ටේහ්‍යොන්ග් ඒකෙ ඉතුරුවෙලා තිබුණු පෙට්‍රල් ටික ටේමින්ගෙ ඇඟට හැලුවා.
"එපා! ඕකනම් කරන්න එපා.. මමයි උඹෙ මල්ලිව කන්න බොන්න දීලා බලාගත්තෙ. මං උඹලගෙ අම්මගෙ බාල සහෝදරයා!" ටේහ්‍යොන්ග්ගේ අතේ තියන ලයිටර් එක දිහා බලාගෙන ටේමින් කෑගහද්දි ටේහ්‍යොන්ග් හිනාවෙලා ටේමින් වෙතට පහත් වුණා.
YOU ARE READING
The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️
FanfictionSequel to 'His Baby Omega' Love triangle? Threesome? Anyways, it won't be your typical threesome story ;) Started : 2023 - 09 - 27 Finished : 2024 - 02 - 08 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ...