Chapter 2

1.6K 273 129
                                    

"අර්හ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අර්හ්.. අසාධාරණයි! ඔයා ඔයාගෙ ඇල්ෆා පවර් එක පාවිච්චි කරා." තමන්ගෙ බෙල්ලට එල්ල වෙලා තියෙන කඩුව දිහා ඇස් කොනින් බලන ගමන් ජන්ග්කුක් තරහින් කෑගැහුවම ටේහ්‍යොන්ග් හිනාවෙලා ජන්ග්කුක් දිහා බැලුවා.

"ඇල්ෆා පවර් එක පාවිච්චි කරා නම් අඩුගානෙ ඔයාට ඔය කඩුව මට විරුද්ධව පාවිච්චි කරන්නවත් බැරිවෙනවා. අනික ඒක ඔයා කියනවා වගේ හොර කිරීමක් නෙවෙයි.. ඒක දීර්ඝකාලීන පුහුණුවීමේ ප්‍රතිඵලයක්." කට කොනක හිනාවකින් එහෙම කියපු ටේහ්‍යොන්ග් එයාගෙ කඩුවත් ඇදගෙනම ජන්ග්කුක්ගෙන් ඈතට වුණා.

"බලන් ඉන්නවකො.. මං දවසක කොහොමහරි තමුසෙව පරද්දනවා!" ජන්ග්කුක් කෝපයෙන් ගොරවද්දි ඒ හඬට එයාලා දිහාවට හැරුණු හැමෝම වගේ ජන්ග්කුක් දිහා බලලා රැව්වා.

වෘක රාජධානියේ ඔටුන්න හිමි කුමාරයට ඒ විදිහට කතා කරන්නට තරම් ඔහු කවුද? හැමෝගෙම හිත් වලට ආවෙ ඒ සිතුවිල්ල.

ටේහ්‍යොන්ග් එක්ක අලුත් ටීම් එක ට්‍රේන් කරන්න භාර උනු අනෙක් ඇල්ෆලත් ජන්ග්කුක්ගෙ වචන වලට කෝප ගත්ත උනත් කවුරුත් මුකුත් කියන්න, කරන්න කලින්ම ටේහ්‍යොන්ග් හඬ අවදිකලා.

"ෆයින්, යන්න කලින් මාව එකපාරක් හරි පරාද කරොත් ඔයාට මං චාන්ස් එකක් දෙනවා ඔයා කැමති දෙයක් මගෙන් ඉල්ලන්න. සෝ ගුඩ්ලක් විත් දැට් බේබි."

"මං තමුසෙගෙ බේබි නෙවෙයි!"

"යාහ් ශුවර්." කින්ඩියට උත්තර දීගෙනම ටේහ්‍යොන්ග් පිටියෙන් ඉවත් වෙලා නැරඹීම් අංගනය දිහාවට ගමන් කලා.

පළවෙනි සතියේ අවසානය වෙද්දි ජන්ග්කුක් කොච්චර දක්ෂ කෙනෙක්ද කියලා ටේහ්‍යොන්ග් හොඳින්ම තේරුම් අරගත්තා. තවම නව යොවුන් වියේ පසු උනා උනත් සාමාන්‍ය ඇල්ෆාවෙක් ඉක්මවා ‍යන්න පුළුවන් ශක්තිමත් බවක් සහ දක්ෂ බවක් ජන්ග්කුක්ට උපතින්ම හිමිවෙලා තිබුණා.

The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️ Where stories live. Discover now