සහෝදරයන්ට මොහොතක් නැවත එක්වීම සමරන්න ඉඩ දුන්නු ශෙලී, යුන්ගි සහ නම්ජුන් එක්ක ආයෙමත් එයාලා ඉන්න තැනට ආවෙ ජන්ග්කුක්ව කිඩ්නැප් කරේ ඇයි සහ ඒ කවුද කියලා දැනගන්න අදහසින්. මොකද ඒ මිනිස්සු කවුරු උනත් ඒ අය දැන් ජන්ග්කුක්ව හොයනවා ඇති කියලා ශෙලී දැනගෙන හිටියා.
"ඩිස්ටර්බ් කරන්න වෙනවට සොරි ගයිස්.. ඒත් මං හිතන්නෙ ජන්ග්කුක්ව කිඩ්නැප් කරේ කවුද.. ඒ මොකටද කියලා අපි දැනගන්න ඕනෙ නේද?" ශෙලී එහෙම අහන ගමන් සෝෆා එකෙන් වාඩිවෙද්දි ටේහ්‍යොන්ග්නුත් ජියා, V සහ ජන්ග්කුක් වටේට එතිලා තිබුණු එයාගෙ අත් නිදහස් කරලා ශෙලී දිහා බලලා ඔලුව වැනුවා.
"ම්-මං දන්නෙ නෑ හ්‍යොන්ග්.. මට තේරුනේ නෑ එතන උනු දේවල්. මං දන්නෙ ඒ මිනිස්සු මගෙ වුල්ෆ්ව දුර්වල කරන්න මොනාහරි දෙයක් කරා කියලා විතරයි." ජන්ග්කුක් එහෙම කිව්වෙ අවංකවම වෙද්දි ජන්ග්කුක්ව තේරුම් ගත්තු ටේහ්‍යොන්ග් ඒ අතක් මෘදුව මිරිකලා V දිහා බැලුවා.
"මල්ලි මොනාහරි දන්නවද ඒ ගැන?" ටේහ්‍යොන්ග් ඇහුවම V ටිකවෙලාවක් කල්පනා කරා. ටේමින් කියන්නෙ මෙච්චර කාලයක් එයාගෙ තාත්තා කියලා හිතාගෙන හිටපු නිසා ටේමින් කියන හැමදේම කරත් ටේමින් එයාව පාවිච්චි කරා විතරයි කියලා V හොඳින්ම දැනගෙන හිටියා. ඒත් එයාට කියලා කාත් කවුරුත් නැති ලෝකෙ එයාට කියලා හිටපු එකම නෑයා එහෙමයි කියලා පිළිගන්න මෙච්චර කාලයක් Vට ඕනෙ උනේ නෑ. ඒත් දැන් V ඇත්ත දන්නවා.. එයා තනිවෙලා නෑ කියලත් එයා දන්නවා. ඉතින් V තීරණය කරා එයා දන්න හැමදෙයක්ම එයාගෙ අයියට කියන්න.
"ම්-මං.. මාත් ජන්ග්කුක්ව කිඩ්නැප් කරපු මිනිස්සුන්ගෙ කෙනෙක්." V එහෙම කියලා බර සුසුමක් පිටකරා.
YOU ARE READING
The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️
FanfictionSequel to 'His Baby Omega' Love triangle? Threesome? Anyways, it won't be your typical threesome story ;) Started : 2023 - 09 - 27 Finished : 2024 - 02 - 08 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ...