"ගෝඩ්!!! මට දැනෙන සතුට ගැන කියන්න වචන නෑ."
ළං ළංව පේන මව් දූපතේ වෙරළතීරය දිහා බලාගෙන ජියා සතුටින් උඩපැන්නා.
කුස මතින් අතක් තබාගෙන නැව් බඳට හේත්තු වී සිටින ජන්ග්කුක්ගෙ දිලිසෙන ඇසුත් නරවෘකයන්ගේ රාජධානිය උනු ඒ දූපත මතට වැටී තිබුනා.
"අන්තිමට අපි ආයෙමත් ආවා.." හෝසොක් ටේහ්‍යොන්ග්ගෙ උරහිසට අතක් දාගන්න ගමන් සැනසුම් සුසුමක් පිටකරා.
"ජන්ග්කුකීවයි අපේ පැක් එකේ අයවයි විතරක් නෙවෙයි.." ටේහ්‍යොන්ග්ගේ බැල්ම V වෙතටත් නැව් බඳට හේත්තු වී සිටින නම්ජුන්, ජින්, යුන්ගි, ජිමින්, ශෙලී සහ සැන්ඩි වෙතටත් ඇදී ගියා. "මගෙ මල්ලිවයි.. මගෙ පැක් එකයිත් එක්කගෙනම."
"ඇල්ෆා කිම් උඹ ගැන ආඩම්බර වෙයි."
"ම්ම්.. එයා මල්ලිව දකින්න ආසවෙයි." ජන්ග්කුක්ගෙ ඉනවටේට අතක් පටලවගන්න V දිහා බලන ගමන් ටේහ්‍යොන්ග් පැවසුවා.
"උඹලා දෙන්නගෙ පැටියවත්.." හෝසොක් මතක් කරාම ටේහ්‍යොන්ග්ගෙ තොල් ආඩම්බර සිනහවකින් හැඩවුණා.
ටේහ්‍යොන්ග් ඇතුලු පිරිස රැගත් නෞකාව වෘක රාජධානියේ වෙරළට සේන්දුවෙත්ම ඒ වනවිටත් වෙරළාරක්ෂකයන්ගෙන් පණිවිඩය ලත් ඇල්ෆා කිම් සහ ජන්හ්‍යුන් ඔවුන්ව පිළිගන්න ඇවිත් තිබුණා.
"ටේහ්‍යොන්ග්!!!" ඇල්ෆා කිම් පළවෙනියටම ටේහ්‍යොන්ග්ව තදකරලා බදාගත්තා.
"ජන්ග්කුකී.." ඒ අතරෙදි ජන්හ්‍යුන් එයාගෙ මල්ලිව වැළඳගත්තා.
"ඔම්මයි අප්පයි ආවෙ නැද්ද?" ජන්ග්කුක් අහද්දි ටේහ්‍යොන්ග් ඉක්මනට ඇල්ෆා කිම්ගෙ තුරුලෙන් අයින් වෙලා ජන්හ්‍යුන්ට ඇස් වලින් ඉඟි කරා. ටේහ්‍යොන්ග්ගෙ ඉඟිය තේරුම් ගත්තු ජන්හ්‍යුන් ශේප් එකේ ඒ ප්‍රශ්නෙ මඟ ඇරියා.
YOU ARE READING
The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️
FanfictionSequel to 'His Baby Omega' Love triangle? Threesome? Anyways, it won't be your typical threesome story ;) Started : 2023 - 09 - 27 Finished : 2024 - 02 - 08 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ...