"හ්‍යොන්ග් ඇයි ලූනා ජන්ග්කුක් වගේ මේට් කෙනෙක්ව හොයන්නෙ?"
"කවුද ඔය කතාව ඔයාට කිව්වෙ? අපේ ගෙම්බිද?"
"කවුරුහරි කිව්වනෙ.. ඇත්තටම ඇයි ඒ?"
"දන්නෙ නෑ.. සමහරවිට ග්‍රෑන්ඩ්මා පුංචි කාලෙ ඉඳන්ම ඇල්ෆා ටේහ්‍යොන්ග් ගැනයි ලූනා ජන්ග්කුක් ගැනයි කියපු කතා අහලා මාත් පුංචි කාලෙ ඉඳන්ම එහෙම ආදරයක් බලාපොරොත්තු වෙන්න ඇති."
"එතකොට හ්‍යොන්ග් ඔමේගා කෙනෙක්ට විතරයිද කැමති වෙන්නෙ?" ජන්ග්කුක් ඇහුවම ටේහ්‍යොන්ග් ඇස් හරවලා එයා දිහා බැලුවා.
රාත්‍රිය නිසා මුලු පරිසරයම අඳුරින් වැහිලා තිබුනත් සඳ එළිය නිසාවෙන් ජන්ග්කුක්ගෙ කිරි පැහැ හම ලා කහ පාටකින් දිලිසෙමින් තිබුණා. ඒ තරු ඇස් පවා දීප්තිමත්ව බැබලෙමින් තිබුණා.
"මං ඉස්සර එහෙම හිතුවා.. මං හිතන්නෙ ඒ ලූනා ජන්ග්කුක් නිසා. ඒත් දැන් මගෙ මේට් කවුරු උනත් මං එයාට කැමතියි.."
"හ්‍යොන්ග් එහෙම කරන්නෙ එයා ඔයාගෙ මේට් නිසා විතරක්ද?"
"ඒ කිව්වෙ?" ටේහ්‍යොන්ග් කුතුහලයෙන් ඇහුවම උඩුබැලි අතට වැතිරිලා හිටපු ජන්ග්කුක් ටේහ්‍යොන්ග් පැත්තට හැරුණා.
"අපි.. අපේ මේට්ට නැතුව වෙන කෙනෙක්ට ආදරෙන් බැඳුනොත්?"
"ඒක.. මං හිතන්නෙ ඒකට ලැබෙන පිළිතුර සාපේක්ෂයි. මට අනුව නම් මං බොහෝදුරට මගෙ ආදරේ තෝරගනියි. ඒත් මේට් බොන්ඩ් එක කියන්නෙ එහෙම ලේසියෙන් අයින් කරලා දාන්න පුළුවන් එකක් නෙවෙයි. Moon goddess අපි වෙනුවෙන් මවන මේට් අනිවාර්යයෙන්ම අපිට ලැබෙන හොඳම සහකාරයා. Moon goddess දෙයක් කරන්නෙ හේතුවක් ඇතුව.. ඉතින් එයාගෙ තීරණ වලට ගරු කරන එක අපේ යුතුකම."
YOU ARE READING
The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️
FanfictionSequel to 'His Baby Omega' Love triangle? Threesome? Anyways, it won't be your typical threesome story ;) Started : 2023 - 09 - 27 Finished : 2024 - 02 - 08 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ...