"ඔයා කිව්වනෙ ඔයාගෙ ඔම්මට ඔය දෙන්නව හම්බවෙන්න ඉද්දි ස්කෑන් එකට අහු උනේ එක බබයි කියලා?" නම්ජුන්ගෙ ප්‍රශ්නෙට ටේහ්‍යොන්ග් ඔලුව වැනුවා.
"මං හිතන්නෙ ඔම්මගෙ බඩ ඇතුලෙදිත් ඔය දෙන්නා එක්කෙනෙක් විදිහට වැඩෙන්න ඇත්තෙ හම්බවෙන්න ළංවෙනකම්ම." නම්ජුන්ගෙ කතාවට ටේහ්‍යොන්ග් වගේම Vත් එකඟවුණා.
"ඔම්මා දැකපු හීනෙ අනුව ඔය දෙන්නට තියෙන්නෙ එකම ආත්මයක්. වැම්පයර් ස්වරූපටයි වෙයාවුල්ෆ් ස්වරූපයටයි වෙන වෙනම ශරීර දෙකක් තිබුනට ඔය දෙන්නා එක්කෙනෙක්. ඒකයි ඔය දෙන්නට අනිත් කෙනාගෙ හැඟීම් ඒ විදිහටම දැනෙන්නෙ. ටේහ්‍යොන්ග්ට Vගෙ වැම්පයර් ස්වරූපයයි Vට ටේහ්‍යොන්ග්ගෙ වුල්ෆ් ස්වරූපයයි පාලනය කරන්න පුළුවන් ඒකයි. එකම අදහස්, එකම සිතුවිලි තියෙන්නෙත් ඒකයි." නම්ජුන් පැහැදිලි කරා. හැමෝටම ප්‍රශ්නයක් වෙලා තිබුණු ටේහ්‍යොන්ග් සහ Vගෙ බැඳීම ඒ අයුරින් නිරාකරණය කරගන්න අවසානයේදී එයාලට පුළුවන් වුණා.
"මං හිතන්නෙ ඔය දෙන්නා එක්කෙනෙක් උනාම ඔය දෙන්නගෙ බලයන් තවත් වැඩිවෙනවා ඇති."
"එතකොට අපි කොහොමද ඒ විදිහට එක්කෙනෙක් වෙන්නෙ?"
"ඒකට ඉතින් ජන්ග්කුක්වම ඕනෙ අපිට." නම්ජුන් සීරියස් විදිහට කිව්වම V ඇසුත් ලොකුකරන් ටේහ්‍යොන්ග් දිහා බැලුවා.
"ඒ කියන්නෙ අපි sex කරද්දි විතරද එක්කෙනෙක් වෙන්නෙ?" Vගෙ ප්‍රශ්නෙයි නිවුන්නු දෙන්නගෙ පෙනුමයි එක්ක නම්ජුන්ට සීරියස් ලුක් එක දිගටම අරන් යන්න බැරිවෙද්දි නම්ජුන් හයියෙන් හිනාවෙන්න ගත්තා.
"ගෝඩ්! මං ජෝක් එකක් කරේ. අනිවාර්යයෙන්ම ඔය දෙන්නට එක්කෙනෙක් වෙන්න පුළුවන් වෙන ක්‍රමයක් ඇති. ඒ වෙලාවෙදි ඔය දෙන්නගෙ සිතුවිලි එකම තැනකනෙ තිබ්බෙ. සමහරවිට අපි ඒ විදිහට ට්‍රයි කරලා බැලුවා නම් හරි. අනිවාර්යයෙන්ම ඇල්තීනියා එක්ක සටනට යන්න කලින් ඔය දෙන්නා එක්කෙනෙක් වෙන්න වගේම ආයෙමත් දෙන්නෙක් වෙන්න පුරුදු වෙලා යන්න ඕනෙ. ඒකෙන් අපිට වාසියි."
YOU ARE READING
The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️
FanfictionSequel to 'His Baby Omega' Love triangle? Threesome? Anyways, it won't be your typical threesome story ;) Started : 2023 - 09 - 27 Finished : 2024 - 02 - 08 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ...