"හයියෙන් අල්ලගන්න.. බයවෙන්නෙපා හැබැයි හරිද? මං ඔයාට කිසිම කරදරයක් වෙන්න දෙන්නෙ නෑ. ප්‍රොමිස්.." ජන්ග්කුක්ගෙ ඇස් දිහා බලාගෙන එහෙම කියපු V ඒ අතක් සිනිඳුවට සිපගත්තා. ජන්ග්කුක්ගෙ කම්මුල් යාන්තමට රෝස පාට වෙද්දි එයා හිමීට ඔලුව වැනුවා.
"ම්ම් අත දෙන්න එහෙනම්." V එයාගෙ අත දික්කරලා කිව්වම ජන්ග්කුක් ඒ අත උඩින් එයාගෙ අත තිබ්බා.
ඒ අත නොරිදෙන්න පරිස්සමට තදින් අල්ලගත්තු V ජන්ග්කුක්ගෙ දිලිසෙන නිල් ඇස් දිහා බලාගෙනම එයාගෙ ඇස් දෙක පියාගත්තා. ඊළඟ මොහොතෙදි වේගයෙන් move වෙනවා වගේ දැනුනු හැඟීමකුත් එක්ක ජන්ග්කුක්ගෙ ඇසුත් තදින් පියවෙලා ගියා.
"අපි ආවා ඔන්න." දැනුනු අමුතු හැඟීම ඊළඟ තත්ත්පරේදි නතරවෙද්දි Vගෙ කටහඬ ජන්ග්කුක්ට එයාගෙ කන ළඟින්ම ඇහුණා.
වේගයෙන් ගැහෙන පපුව උඩින් අතක් තියාගත්තු ජන්ග්කුක් හිමීට ඇස් ඇරියා. වටේටම තියෙන කොල පාට දකිද්දි ඒ ඇස් සතුටින් දිලිසුණා. එයාලා ඉන්නෙ කැලේක.. V එයාව එක්කරගෙන ඇවිත් තිබුනෙ ජන්ග්කුක් වැඩියෙන්ම ආස කරපු පරිසරයකට.
"තැන්ක්‍යූ.." ආයෙමත් V දිහාවට ඇස් හරවපු ජන්ග්කුක් මිමිණුවම V හිනාවෙලා ජන්ග්කුක්ගෙ අත මිරිකුවා.
"ඔයා සතුටින් නම් මට එච්චරයි ඕනෙ."
Vගෙ කතාවට හිනාවකින් විතරක් පිළිතුරු දුන්නු ජන්ග්කුක් නහය උඩට අල්ලලා ඉවකරා.
"වැස්සක් එන්න වගේ හදන්නෙ." ලස්සනට නිල් පාටින් දිලිසෙමින් තියෙන අහස දිහා බලාගෙන ජන්ග්කුක් කියද්දි V සැකෙන් වගේ ජන්ග්කුක් දිහා බැලුවත් ටිකකින් ඒ දෑස් විසල් වෙලා ගියේ ජන්ග්කුක්ගෙ වුල්ෆ් ආයෙමත් ශක්තිමත් වෙමින් ඉන්නවා කියලා වැටහෙද්දි.
YOU ARE READING
The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️
FanfictionSequel to 'His Baby Omega' Love triangle? Threesome? Anyways, it won't be your typical threesome story ;) Started : 2023 - 09 - 27 Finished : 2024 - 02 - 08 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ...