ටේහ්‍යොන්ග්ගෙ උපන්දිනයෙන් පස්සෙ ආයෙමත් කාලය සාමාන්‍ය විදිහටම ගලාගෙන ගියා.
"හ්‍යොන්ග්.." ඒ වෙද්දි ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ට ඒ නමින් කතා කරන්න පුරුදු වෙලා හිටියා.
"විනාඩි පහක් පරක්කුයි." ටේහ්‍යොන්ග් අතේ තිබුණු ඔරලෝසුව දිහා බලලා කිව්වම ජන්ග්කුක් හිමීට ඇවිත් ටේහ්‍යොන්ග් ළඟින්ම හිටගත්තා.
"මං අද හිතලමයි පරක්කු උනේ?" ජන්ග්කුක් සිහින් හඬකින් මුමුණද්දි ටේහ්‍යොන්ග් ඇහි බැමක් උස්සලා ජන්ග්කුක් දිහා බැලුවා.
"මටත් හ්‍යොන්ග් එක්ක කන්දට යන්න ඕනෙ."
"කන්දට?"
"නිකන්.. හැමදාම කැලේට දුවන එක හරිම බෝරිං අප්පා.. ඉතින් මට වෙනස් තැනකට යන්න හිතුනා. අනික හ්‍යොන්ග් හැමදාම කන්දට යනවනෙ."
"ඒත් ඒකෙන් මං ඔයාට විතරක් විශේෂයක් කරනවා කියලා අනිත් අය හිතන්න පුළුවන්."
"ඇයි ඉතින් එහෙම නෙවෙයිද?" ජන්ග්කුක් දඟකාර විදිහට අහද්දි ටේහ්‍යොන්ග් ගැස්සිලා ගියා.
"ඒ කිව්වෙ?"
"ඔයා දැන් හැමෝටම උදේට බනානා මිල්ක් ගිහින් දෙනවද? එතකොට ශූට් කරන්න එයාලටත් පුරුදු කරනවද? මං එක්ක වගේ අනිත් අයත් එක්ක මෙහෙම කතා කරනවද? නෑනෙ නෙහ්?" ජන්ග්කුක් ඇඟිලි එකින් එක නවන ගමන් කියන් යද්දි ටේහ්‍යොන්ග් සැනසුම් සුසුමක් හෙලුවා. එක මොහොතකට ටේහ්‍යොන්ග් කලබල උනා ජන්ග්කුක් එදා උපන්දිනේ දවසෙ එයාගෙ හැසිරීම නිසා මේට් බොන්ඩ් එක ගැන දැනගත්තා වත්ද කියලා.
"ඒ.. ඔයා ජියාගෙ යාලුවා නිසා."
"කොහොමහරි ඔයා මට ස්පෙෂල් සැලකීමක් කරනවනෙ.."
YOU ARE READING
The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️
FanfictionSequel to 'His Baby Omega' Love triangle? Threesome? Anyways, it won't be your typical threesome story ;) Started : 2023 - 09 - 27 Finished : 2024 - 02 - 08 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ...