ක්ෂණයකින් ක්‍රියාත්මක උනු V ජන්ග්කුක්ව දෝතට ගනිද්දි ටේහ්‍යොන්ග්නුත් ඉක්මනට ජන්ග්කුක් ළඟට දිව්වා.
"එයාට මොකද?" ශෙලීගෙ නොසන්සුන් හඬ අවදි වෙන අතරෙ ටේහ්‍යොන්ග් සිහිසුන් වෙලා ඉන්න ජන්ග්කුක්ගෙ බෙල්ලට අත තියලා බැලුවා.
"එයාගෙ හාට්බීට් එක ස්ලෝව්.. සමහරවිට අර ගෑණි බෙල්ල හිරකරපු නිසා වෙන්නැති." ටේහ්‍යොන්ග් දත්මිටි කන ගමන් ජන්ග්කුක්ව උස්සගෙන නැගිට්ටා.
"අයියයි මායි නම්ජුන් හ්‍යොන්ග්ව හොයාගන්නම්.. ඔයාලා ජිප් එකේ එන්න." ශෙලීට, හොබීට සහ යුන්ගිට කියපු V ටේහ්‍යොන්ග්ගේ අතකින් අල්ලගෙන ඇස් දෙක පියාගත්තා.
ඊළඟ මොහොතෙදි තුන්දෙනාම හිටියෙ නම්ජුන්ගෙ ගෙදර.
"ටේ! V!" එකපාරටම ජන්ග්කුක්වත් උස්සගෙන මතු උනු සහෝදරයො දෙන්නව දැකපු ගමන් පොතක් කියවමින් හිටපු නම්ජුන් ඒක පැත්තකට දාලා දුවගෙන ආවා.
ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව සෝෆා එකෙන් ඇල කරවලා නම්ජුන් දිහා බැලුවා.
"ප්ලීස් හ්‍යොන්ග්.. එයාට උදව් කරන්න."
නම්ජුන් ඉක්මනට ජන්ග්කුක් ළඟට පාත්වෙලා ජන්ග්කුක්ගෙ හුස්ම සහ නාඩි පරීක්ෂා කරා. ඇල්තීනියාගෙ නිය වලින් ඇති උනු තුවාලත් මැකිලා ගිහින් තිබුණු නිසා පිටතට පේන්න තරම් ජන්ග්කුක්ට කිසිම අබාධයක් තිබුනෙ නෑ.
"මං හිතන්නෙ අපිට ජින්ගෙන් උදව්වක් ඕනෙවෙයි." නම්ජුන් එහෙම කියලා ඉක්මනට එයාගෙ කා එකේ කී එක අතට අරගත්තා.
"හොස්පිටල් එකටද යන්නෙ?"
"ඔව්, ඔය දෙන්නා ජන්ග්කුක් එක්ක යන්න. මං කා එකේ එන්නම්." නම්ජුන් එහෙම කියලා ගෙදරින් එළියට දුවද්දි teleport ශක්තිය පාවිච්චි කරලා ඒ තුන්දෙනා ඊළඟ වතාවෙදි මතු උනේ ජින්ගෙ රූම් එකෙන්.
YOU ARE READING
The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️
FanfictionSequel to 'His Baby Omega' Love triangle? Threesome? Anyways, it won't be your typical threesome story ;) Started : 2023 - 09 - 27 Finished : 2024 - 02 - 08 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ...