ඒ වෙද්දි ජන්ග්කුක් V එක්ක කාලය ගත කරන්න පටන් අරන් සතියක් ගතවෙලා තිබුණා.
තවදුරටත් ජන්ග්කුක් Vගෙ ස්පර්ශය ඉදිරියේ තිගැස්සුනේ නැහැ. ඒ වගේම පපී කෙනෙක් වගේ V යන යන තැන්වලට යන්නත් ජන්ග්කුක් හුරුවෙලා තිබුණා. තාමවත් V එක්ක කතා නොකරත් තුන්වෙනි දවසෙන් විතර පස්සෙ ඔලුව හොලවලා ඔව් සහ නෑ කියන පිළිතුරු වලින් ජන්ග්කුක් V ට උත්තර දෙන්න පටන් ගත්තා.
"ජන්ග්කුක්.. එන්න, ඔයාට පෙන්නන්න දෙයක් තියෙයි."
පුරුදු විදිහට Vගෙ කාමරේ තිබුණු glass wall එකෙන් පිටත බලාගෙන ඉන්න ජන්ග්කුක්ව හොයාගෙන ආපු V කියද්දි ජන්ග්කුක් හිමීට හැරිලා බැලුවා.
"කෝ එන්න ඉතින්.." ජන්ග්කුක් එන්නෙ නැති තැන V කොල්ලගෙ අතින් අල්ල ගත්තා. එයා ජන්ග්කුක්ව එක්කගෙන ගියෙ එයාගෙ කාමරේට අල්ලපු කාමරේ දොර ළඟට.
"ටඩා! ඔන්න ඔයාගෙ අලුත් රූම් එක." V එහෙම කියන ගමන් කාමරේ දොර ඇරලා ජන්ග්කුක්ට ඇතුලට යන්න සන් කරා.
ඒ කාමරේ ජන්ග්කුක් වෙනුවෙන් හරි ලස්සනට සැරසිලා තිබුණා. ඇඳක්, ඇඳුම් දාන්න closet එකක්, හුරුබුහුටි මේසයක් විතරක් නෙවෙයි වෘක රංචුවක සිතුවමකිනුත් ඒ කාමරේ සමන්විත වුණා.
"මං ඔයාට ඇඳුම් වගයකුත් ගෙනාවා.. හැමදාම මගෙ ඒවා අඳින්නත් බෑනෙ." V closet එකත් ඇරලා පෙන්නුවා. එයා කියපු විදිහටම එක එක පාට විවිධ වර්ගයේ ඇඳුම් ගොඩකින් closet එක පිරිලා තිබුණා.
ඒත්.. ජන්ග්කුක්ගෙ ඇස්... V බලාපොරොත්තු උනු විදිහට ඒ මන්දාකිණි දෑස් නම් දිලිසෙමින් තිබුනෙ නැහැ.
"ජන්ග්කුක්.. ඔයා ආස නැද්ද මේ කාමරේට? මොනවහරි වෙනස් වෙන්න ඕනෙ නම් මට කියන්න." V ජන්ග්කුක් දිහා බලලා පරිස්සමට වචන ගැටගැහුවා.
YOU ARE READING
The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️
FanfictionSequel to 'His Baby Omega' Love triangle? Threesome? Anyways, it won't be your typical threesome story ;) Started : 2023 - 09 - 27 Finished : 2024 - 02 - 08 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ...