Chapter 16

1.2K 237 38
                                    

"ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම ඕක පිටිපස්සෙ මොකක්මහරි ලොකු දෙයක් තියෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම ඕක පිටිපස්සෙ මොකක්මහරි ලොකු දෙයක් තියෙනවා." ටේහ්‍යොන්ග්ගෙ කතාව අහගෙන හිටපු ශෙලී කියද්දි සුගාත් ඒ කතාවට එකඟවුණා.

"මට ඕනෙ කොහොමහරි මගෙ ජන්ග්කුකීවයි පැක් එකේ අයවයි හොයාගන්න."

"මට තේරෙනවා.. ටේහ්‍යොන්ග් true blood alpha කෙනෙක් නිසා අනිවාර්යයෙන්ම මං ඕනෙම දේකට හෙල්ප් කරනවා. අපි කොහොමහරි ඔයාගෙ මේට්වයි අනිත් අයවයි හොයාගමු." ශෙලී ටේහ්‍යොන්ග්ගෙ උරහිසට තට්ටුවක් දාලා කිව්වම ටේහ්‍යොන්ග්ගෙ හිතට පුංචි සැනසීමක් දැනුනා.

"මට ඒ වචනෙත් ඇති ශෙලී."

"යුන්ගි.. ඔයාට පුළුවන්නෙ ටේහ්‍යොන්ග්ව ට්‍රේන් කරන්න?" ශෙලී සුගා එහෙම නැත්නම් මින් යුන්ගි දිහාවට හැරිලා ඇහුවම යුන්ගි ඔලුව වැනුවා.

"ටේහ්‍යොන්ග් ස්ට්‍රෝන්ග්.. බට් එයාට මිනිස්සුන්ගෙ weak points අඳුරගෙන මිනිස්සු එක්ක ෆයිට් කරන හැටි කියලා දෙන්න. ඒ වගේම gun handlingනුත්."

"Thank you.. ඔය දෙන්නටම."

"යුන්ගි.. ටේහ්‍යොන්ග්ට නවතින්න කාමරයක් රෙඩි කරලා දෙන්න.. එයාට ඕනෙ අනිත් දේවලුත්. මං යනවා මගෙ මේට්ව පොඩ්ඩක් බලලා එන්න." ශෙලී ඇහැකුත් ගහලා කිව්වම යුන්ගි කට කොනකින් හිනා උනත් ටේහ්‍යොන්ග්ට ඒ මොහොතෙ එයාගෙ ජන්ග්කුක්ව මතක් උනු නිසා ඒ වචන එයාව රිද්දුවා.

"ඕකේ බොස්.. ටේහ්‍යොන්ග්, අපි යමු." යුන්ගි සුපුරුදු හිනාවක් නැති මූණින් කිව්වත් ඒ කටහඬ මෘදු ස්වභාවයක් ගනිද්දි ටේහ්‍යොන්ග් පළවෙනි වතාවට මනුස්සයෙක්ව විශ්වාස කරන්න පෙළඹුණා.
.
.
.
.
.
.
.
.
.

මහල් කිහිපයකින් සමන්විත මන්දිරයක ඔහුට අයත් කාමරයේ කෙළවරකට වී උස් වූ වීදුරුවෙන් පිටත පරිසරය දෙස බලාසිටි තරුණයාට බාධා කරමින් පුද්ගලයෙක්ගෙ හඬ අවදිවුණා.

The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️ Where stories live. Discover now