ජියා ටිකවෙලාවක් ටේහ්‍යොන්ග් එනකම් බලන් හිටියත් ඈතින් නැගෙන තියුණු ශබ්දය දරාගන්න බැරිවෙද්දි ජියා ටේහ්‍යොන්ග්ගෙ ඉව දිගේ එයාගෙ අයියව හොයන් යන්න කල්පනා කරා.
ඒ උනත් එයාගෙ වුල්ෆ්ව විකාර කරන ඒ තියුණු හඬ නිසාම ජියා වුල්ෆ්ගෙ පාලනය සම්පූර්ණයෙන්ම එයාගෙ අතට අරගෙන මිනිස් ඉව විතරක් පාවිච්චි කරලා ටේහ්‍යොන්ග් ගිය දිහාවට ගමන් කරන්න ගත්තා.
ජියාගෙ කලබලය නිසාම එයා පාර හරහා අනිත් පැත්තට පනින්න ගියත් එයාට අමතක උනා එයාගෙ වුල්ෆ් ස්වරූපය ඉන්නෙ දැන් යටපත් වෙලා කියලා. අනික මිනිස් වාසයක නොහිටපු ජියාට කලබල සහිත මාර්ග වගේ දේවල් ගොඩක් අලුත් වුණා. ඉතින් පාර පනිමින් හිටපු ජියාව නොහිතපු විදිහට වේගයෙන් ඉදිරියට ආපු කාර් එකක ගැටිලා ඈතට විසිවුණා.
"ඔහ් ශිට්!" ජියාව ගැටුණු කාර් එකේ අයිතිකාරයා කලබලයෙන් වාහනය නවත්තලා ඒකෙන් බැස්සා.
ඉක්මනින්ම ජියා ළඟට දුවපු ඒ තරුණයා ජියා සමීපයෙන් දණ ගහගෙන ඒ අතක් අරන් නාඩි වැටෙනවද බැලුවා.
"Thank god!" ජියා තාමත් පණ පිටින් කියලා තේරුම් ගත්තු ඔහු සැනසුම් සුසුමක් හෙලුවා.
ඒ උනත් ඔලුව තදින් වැදිච්ච පාරට ජියාගෙ මූණෙන් බාගයක්ම ලේ වලින් වැහිලා තිබුණා වගේම එයාගෙ සිහියත් නැතිවෙලා තිබුණා. තවදුරටත් පාරේ ගමන් කරන වාහන වලට බාධා කරන්න බැරි නිසා ඒ නන්නාඳුනන තරුණයා ජියාව දෑතටම ඔසවාගෙන ඔහුගෙ කාර් එක දෙසට ගමන් කරා.
Passenger seat එක ටිකක් ඇල කරලා ජියාව පහසු විදිහට හාන්සි කරවලා සීට් බෙල්ට් එකත් දැම්මට පස්සෙ අනිත් පැත්තෙන් ඇවිත් driving seat එකට ගොඩ උනු ඒ තරුණයා ආයෙමත් කාර් එක ඩ්‍රයිව් කරන්න ගත්තා.
YOU ARE READING
The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️
FanfictionSequel to 'His Baby Omega' Love triangle? Threesome? Anyways, it won't be your typical threesome story ;) Started : 2023 - 09 - 27 Finished : 2024 - 02 - 08 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ...