Chapter 30

1.4K 222 63
                                    

සති දෙකක කාලයක් පුරාවට පැවැත් උනු තියුණු පුහුණුවීම් කාලයකින් අනතුරුව හැමෝම බලාගෙන හිටපු ඒ දවස උදාවුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සති දෙකක කාලයක් පුරාවට පැවැත් උනු තියුණු පුහුණුවීම් කාලයකින් අනතුරුව හැමෝම බලාගෙන හිටපු ඒ දවස උදාවුණා. එයාලා බලාපොරොත්තු උනු අවසන් සටන ඇත්තටම එයාලා බලාපොරොත්තු වෙන විදිහටම වෙයිද කියන කුතුහලය මැද එදා උදෙන්ම හැමෝම සටන වෙනුවෙන් සූදානම් වෙලා mansion එකේ තිබුණු meeting room එකට එක් රැස්වුණා.

"හැමෝම ලෑස්ති‍යිද?" ශෙලීගෙ ගාම්භීර හඬ ශාලාව පුරාම පැතිර යද්දි හැමෝම එක හඬින් 'ඔව්, අපි ලෑස්තියි' කියලා කෑගැහුවා.

"මුලින්ම අපි ප්ලෑන් කරගත්තු විදිහට ආමි සෝල්ජර්ස්ලා එක්ක ඔයාලා මික්ස් වෙන්න ඕනෙ. හැබැයි ඔයාලා ඉස්සරහින්ම ගියාට අනිවාර්යයෙන්ම ඇල්තීනියාගෙ බලය හින්දා ඔයාලට ගාඩ්ස්ලට මුකුත් කරන්න බෑ. ඒ නිසා ඔයාලට කවර් වෙලා අපි ඉස්සරහින්ම එනවා. ඇල්තීනියා ගැන අපි බලාගන්න අතරෙදි ඔයාලා ගාඩ්ස්ලා ගැන බලාගන්න ඕනෙ." ටේහ්‍යොන්ග් ආයෙමත් කට්ටියටම ප්ලෑන් එක ගැන මතක් කරලා දුන්නා.

ඒ විදිහට ආමි ට්‍රක් කීපයක නැගලා කට්ටියම ඩොක්ටර් කන්ග්ගෙ ලැබ් එකට ළඟාවුණා.

පලවෙනි ආරක්ෂක වලල්ලෙ හිටපු ගාඩ්ස්ලා එයාලට ශූට් කරන්න ගනිද්දි ඉස්සරහින් හිටපු කට්ටිය ආපිට ශූට් කරන්න ගත්තත් වැඩි වෙලාවක් යන්න කලින්ම එයාලව ඇල්තීනියාගෙ බන්ධනයකට අහුවුණා. කිසිම කෙනෙක්ට හෙල වෙන්නවත් බැරි උනත් ටේහ්‍යොන්ග්ට, Vට සහ ජන්ග්කුක්ට ඇල්තීනියාගෙ බන්ධනයෙන් බලපෑමක් එල්ල උනේ නෑ. ඒ නිසාම ක්ෂණයකින් ක්‍රියාත්මක උනු V ඇල්තීනියා ළඟින් මතුවෙලා ඇල්තීනියාගෙ බෙල්ල අල්ලගත්තා. ජන්ග්කුක් Vට වෙඩි තියන්න උත්සාහ කරන ගාඩ්ස්ලා ගැන බලාගන්න අතරෙ ටේහ්‍යොන්ග් එයාගෙ පිරිස වෙතට හැරුනා.

The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️ Where stories live. Discover now