Chapter 29

1.4K 237 38
                                    

"සර් අපිට V බොස්ව ට්‍රැක් කරන්න බෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"සර් අපිට V බොස්ව ට්‍රැක් කරන්න බෑ. බොස් apartment එකෙත් නෑ." ටේමින්ට එයාගෙ ගෝලයන්ගෙන් ලැබුණු පණිවිඩය ඒක වෙද්දි ටේමින් දත්මිටි කන ගමන් අත මිටි මොලවලා බිත්තියට පාරක් ගැහුවා. ටේමින්ගෙ ශක්තිමත් බවට බිත්තිය පුපුරලා ගියාම එතන හිටපු මනුස්සයට බයටම කෙල ගිලුනා.

"අන්තිම වතාවට location පෙන්නන්නෙ කොතනද?" ටිකවෙලාවක් කල්පනා කරපු ටේමින් එහෙම ඇහුවම ගෝලයා එයාගෙ අතේ තිබුණු ටැබ් එක ටේමින්ට පෙන්නුවා.

"ඔය location එක මට ශෙයා කරනවා!" කට කොනකින් හිනාවක් දාගෙන එහෙම කියපු ටේමින් ඊළඟට ගියෙ ඩොක්ටර් කන්ග්ව මීට් වෙන්න.

"උඹ කියන්නෙ V ඉන්නෙ ඇල්ෆා බොස් ළඟ කියලද?" ශෙලී ගැන ඒ වෙද්දිත් දැනගෙන හිටපු කන්ග් ටේමින්ගෙන් අහද්දි ටේමින් ඔලුව වැනුවා.

"මං කොල්ලෙක් ලව්වා විස්තර ටික හොයලා බැලුවා."

"ඒත් මේ වෙලාවෙ අපි කරන්න ඕනෙ අපේ ලැබ් එකේ security එක වැඩි කරන එක නෙවෙයිද? ආමි එකෙන් අපිව ආයෙමත් වට කරන්න පුළුවන්."

"ඒක ඇල්තීනියා බලාගනියි.. V ඇල්ෆා බොසුයි, උගෙ අයියයි එක්ක එකතුවෙලා අපිට ඇටෑක් කරොත් ඇල්තීනියාට වත් ඒ අයව නවත්තන්න බැරිවෙයි. ඊටකලින් අපි උන්ව නවත්තන එක තමයි එකම විසඳුම." ටේමින්ගෙ කතාවෙත් ඇත්තක් තියෙයි කියලා තේරුණු කන්ග් අවසානයේදී ටේමින්ගෙ යෝජනාවට එකඟ වුණා.

ඒ විදිහට පහුවෙනිදම සෑහෙන ලොකු පිරිසකුත් එක්ක ටේමින් ශෙලීගෙ mansion එක වට කරා. කොහොම උනත් දැඩි ආරක්ෂාවක් තිබුණු ශෙලීගෙ mansion එකට පහරදෙන එක නම් ටේමින් හිතපු තරම් ලේසි දෙයක් උනේ නෑ.

ඒ වගේම ටේමින් බලාපොරොත්තු නොවුණු විදිහට එතන හිටපු supernatural creaturesලා ප්‍රමාණය වැඩිවෙද්දි ඔහුගෙ ගෝලයින්ටවත් ඒ අයව අඩපණ කරන්න බැරිවුණා. Wolfsbane වලින් හදපු උණ්ඩ පාවිච්චි කරන්න කලින්ම යුන්ගි, සැන්ඩි සහ සැන්ඩිගෙ තාත්තා ඒ මිනිස්සුන්ට වෙඩි තිබ්බා. හොබී, ජියා සහ ජන්ග්කුක් ඒ අයගෙ ආරක්ෂාව යටතෙ, ඒ අයවත් ආරක්ෂා කරන ගමන් ආයුධ සන්නද්ධ මිනිසුන් සමඟ සටන් කරා. ටේහ්‍යොන්ග් සහ ශෙලී කියන්නෙ අසාමාන්‍ය ශක්තිමත් බව හැරුනම තුවක්කු හසුරවන්නත් දක්ෂ අය වෙද්දි ඒ අය එක්ක සටන් කරන එක ටේමින්ගෙ පිරිසට හිතපු තරම් ලේසි උනේ නෑ.

The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️ Where stories live. Discover now