"ආ, මේක ඇඳගන්නවා!" ජන්ග්කුක්ගෙ හිතුවක්කාර වැඩ වලට කොච්චර තරහ ගත්තත් ටේහ්‍යොන්ග්ට ගොඩ වෙලාවක් ඒ තරහ හිතේ තියාගෙන ඉන්න බැරි පුරුද්ද නිසාම ටේහ්‍යොන්ග් එයාගෙ ශර්ට් එකකුයි, කලිසමකුයි අරගෙන ඇවිත් ජන්ග්කුක්ගෙ ඔඩොක්කුවට දාලා ආයෙමත් ගුහාව ඇතුලට ගියා.
ජන්ග්කුක් ඇඳුම දාගන්න අතරෙදි ටේහ්‍යොන්ග් බිත්තියට සම්බන්ධ කරලා හදලා තිබුණු දම්වැල් වලින් කකුල් බැඳගෙන අත් දෙකත් මාංචු වලින් හිරකරගන්න ගියත් ඒත් එක්කම වගේ ටේහ්‍යොන්ග් ළඟට ආපු ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගෙ අතින් අල්ලලා එයාව නැවැත්තුවා.
ටේහ්‍යොන්ග් දන්නවා යදම් වලින් එයාව සම්පූර්ණයෙන්ම නවත්තන්න බෑ කියලා. ඒත් ඒ තද බැම්ම නිසා දැනෙන වේදනාව එයාව ආයෙමත් පියවි සිහියට, එහෙම නැත්නම් එයාගෙ මනුස්ස ස්වරූපයට ඇදලා දාන නිසා ටේහ්‍යොන්ග් හැම rut එකකදිම ඒ යකඩ දම්වැල් පාවිච්චි කරා. විශේෂයෙන්ම අද ජන්ග්කුක් එයත් එක්ක ඉන්න නිසා ටේහ්‍යොන්ග් වෙනදට වැඩියෙන් පරිස්සම් වෙන්න තීරණය කරලා තිබුණා.
ඒත් ජන්ග්කුක්ම එයාව නවත්තන්න උත්සාහ කරද්දි ටේහ්‍යොන්ග්ගෙ ඇස් කේන්තියෙන් රතුවෙලා ගියා. ඒ රතු ඇස් රෞද්‍ර පෙනුමක් ටේහ්‍යොන්ග්ට අරගෙන එද්දි ජන්ග්කුක් ඒ බැල්මට යාන්තමට වෙව්ලලා ගියත් එයා ටේහ්‍යොන්ග්ගෙ අත අතෑරියෙ නෑ.
"ප්ලීස්.."
"අත ගන්නවා!" ටේහ්‍යොන්ග් ගෙරෙව්වත් ජන්ග්කුක් ඔලුව දෙපැත්තට වනන ගමන් ටේහ්‍යොන්ග්ගෙ අත තවත් තදකරලා අල්ලගත්තා.
"මං ඔයාට ආයෙමත් මෙහෙම දුක් විඳින්න දෙන්නෙ නෑ හ්‍යොන්ග්."
"කරුණාකරලා මාව අතෑරලා මෙතනින් යන්න ජන්ග්කුක්!" ටේහ්‍යොන්ග් දැඩි ස්වරයකින් අණ කරත් ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ව අතෑරියෙ නෑ. ඒ නිසාම දිග සුසුමක් පිටකරපු ටේහ්‍යොන්ග් එයාගෙ නිදහස් අත උස්සලා ජන්ග්කුක්ගෙ කම්මුලෙන් තියන ගමන් ඒ ඇස් වලට එබුණා.
YOU ARE READING
The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️
FanfictionSequel to 'His Baby Omega' Love triangle? Threesome? Anyways, it won't be your typical threesome story ;) Started : 2023 - 09 - 27 Finished : 2024 - 02 - 08 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ...