Yggdrasil, පූජනීය වෘක්ෂයක්. පැරැන්නන් විසින් විශ්වාස කල පරිදි අඳුරු ලෝකයන් හා සම්බන්ධ වීමට හැකි එක් මාර්ගයක්.
Yggdrasil ගස පාමුල තනි කළු පැහැයෙන් සැරසී සිටින සුන්දර කාන්තාවක්. දිදුලන රතු දෙතොල් සහ සුදෝ සුදු දෙකොපුල් ඒ සුන්දරත්වය ඔප් නංවාලුවත් තණ්හාවෙන් පිරුණු ඒ සිත්කලු දෑස් ඇයගේ ආත්මය අඳුරෙන් පිරුන්නක් බව විදහා පෑවා.
ඈ යම් මන්ත්‍රයක් ජප කරමින් ගස වටා සක්මන් කරමින් සිටියා. ඒ දෑත් අතර රැඳි සුන්දර වූ බඳුනකින් රක්ත වර්ණ දියරයක් ඈ යන මඟ පොළොව තෙත් කරමින් තිබුණා. වට හතකින් පසු ගමන නිමාකළ ඇය ගස ඉදිරිපිටට විත් වාඩිවුණා.
දැල්වෙන ගිනි මැලයක්, ඒ ඉදිරියෙන් රක්ත වර්ණ රුධිරයෙන් පිරුණු කුසලානයක්, ප්‍රාණය නිරුද්ධ වූ සිරුරු නවයක්ද ඈ ඉදිරියේ වූවා. පොළොවෙන් මතුපිටට නැගෙන සේ හාරා තිබුණු විශාල මුලක් තුවාල කල ඇය නර වෘකයෙකුගෙන් සහ වැම්පයර් වරයෙකුගේ ගෙල සිඳ ලබාගත් රුධිරයෙන් ගස තෙත් කරමින් දිගටම යම් මන්ත්‍රයක් ජප කරන්නට වුණා.
රාත්‍රී අඳුරු අහස තව තවත් අඳුරු කරමින් වැහි වළාකුළු වලින් අහස වැසී යන්නට වෙද්දී දැවැන්ත වෘක්ෂයන් පවා ඇඹරී යන තරමටම වේගයකින් සුළං හමන්නටද වුණා.
නමුත් එ සියල්ල මධ්‍යයේත් නොසැලුණු yggdrasil වෘක්ෂය ඇගේ මුල් ලෙයින් තෙත් කරමින් මන්ත්‍ර ජප කරන්නිය දෙස නිහඬවම බලාගෙන සිටියා.
ඇගේ මන්ත්‍ර ජපකිරීම එක්වරම වේගවත් වෙන්නට ගනිද්දී ඇය ලෙයින් ගසේ මුල් නැහැවීම නිමා කොට අතේ තිබුණු යම් කුඩක් ගින්දර දෙසට විසිකරා. ඒත් සමඟින් ඈ ඉදිරිපිට වූ නිසල මල සිරුරු අහසට එසවී ඈ වටා කැරකෙන්නට පටන් ගත්තා.
YOU ARE READING
The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️
FanfictionSequel to 'His Baby Omega' Love triangle? Threesome? Anyways, it won't be your typical threesome story ;) Started : 2023 - 09 - 27 Finished : 2024 - 02 - 08 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ...