ඊළඟ දවසෙ හවස් වරුවෙ කට්ටියම එක එක ජාතියෙ snacks එක්ක බියර් ටින් ටිකකුත් අර TV එක ඉස්සරහා ඉඳගත්තෙ ෆිල්ම් එකක් බලන අදහසින්.
"Horror එකක් හොඳයි!" යුන්ගි යෝජනා කරත් සැන්ඩි ඒ අදහසට එකඟ උනෙ නෑ.
"බයවෙන්නෙපා ස්වීටි.. මං ඉන්නවනෙ ඔයා ළඟින්ම." ශෙලී එයාගෙ ඔඩොක්කුවෙ ඉඳගෙන හිටපු සැන්ඩිගෙ කම්මුලක් ඉඹලා කිව්වම සැන්ඩි ශෙලීට රවලා ඉස්සරහා බලාගත්තා.
"මං බය නෑ!"
"අපි කොමඩි ෆිල්ම් එකක් බලමු.. rom-com එකක්." ඒ යෝජනාව ජින්ගෙන්.
"Marvel එකක් බලමුකො." ජිමින් කිව්වම යුන්ගි ඒ අදහසට විරුද්ධ වුණා.
"Action movie එකක් හොඳයි.."
"මං ආසයි කාටුන් එකක් බලන්න." ජිමින් කියද්දි ජන්ග්කුක් දිලිසෙන ඇස් වලින් ජිමින් දිහා බලලා හිනාවුණා.
"මාත්.. princess cartoon එකක් බලමුකො අපි."
"අනේ මේ.. මෙන්න මේ පොඩි උන් දෙන්නව අල්ලලා අර ජනේලෙන් එළියට විසිකරලා දාන්න." යුන්ගි ජිමින්ව අවුස්සන අදහසින් එහෙම කිව්වම ජිමින් යුන්ගි දිහා රවලා බැලුවා.
"එහෙනම් රොමෑන්ස් එකක්.." ජන්ග්කුක් ආයෙමත් උත්සාහ කරේ එයා Vගෙ ගෙදර ඉද්දි වැඩියෙන්ම බැලුවෙ cartoon & romance movies නිසා.
"මොකද්ද අප්පා කෙල්ලෙක් වගේනෙ." ජියා ජන්ග්කුක්ව අවුස්සන්න කිව්වම ජන්ග්කුක් තොල් දෙකත් උල් කරගෙන එයාගෙ දෙපැත්තෙන් ඉඳන් හිටපු ටේහ්‍යොන්ග් දිහයි V දිහයි බැලුවා.
"ඔය දෙන්නා මොනාටද කැමති?"
"Thriller!" ටේහ්‍යොන්ග් සහ V දෙන්නම එකම මොහොතෙදි කියද්දි ජන්ග්කුක් පුදුමෙන් විශාල උනු ලොකු ඇස් වලින් ටේහ්‍යොන්ග් සහ V දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුවා.
YOU ARE READING
The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️
FanfictionSequel to 'His Baby Omega' Love triangle? Threesome? Anyways, it won't be your typical threesome story ;) Started : 2023 - 09 - 27 Finished : 2024 - 02 - 08 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ...