Chapter 19

1.2K 208 56
                                    

A month later,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

A month later,

මේ මාසය පුරාම ටේහ්‍යොන්ග් සුගා එහෙමත් නැතිනම් යුන්ගි යටතේ වෙඩි තියන්න, මිනිස්සු එක්ක සටන් කරන්න වගේම සාමාන්‍ය මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නෙ කොහොමද කියලත් ඉගෙන ගත්තා.

මුලදි හිතුවා වගේ යුන්ගි සැර පරුෂ කෙනෙක් නොවෙද්දි ටේහ්‍යොන්ග්ට යුන්ගිව මේ වෙද්දි තමන්ගෙ හොඳම මිතුරා උනු හෝසොක් තරමටම හිතට අල්ලලා තිබුණා.

ශෙලී කියන්නෙ මාෆියා බොස් කෙනෙක් උනු නිසා ඇයගෙ දකුණු අත උනු යුන්ගිට පැහැරගැනීම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, ආයුධ විකිණීම් වගේ කාර්‍ය්යන් ගොඩකට සම්බන්ධ වෙන්න සිද්දවුණා. True blood alpha කෙනෙක්ගෙන් වැඩගන්න අකමැති උනු ශෙලීගෙ විරුද්ධත්වය මැද උනත් යුන්ගි එක්ක ගොඩනැගෙමින් තිබුණු මිත්‍රත්වය නිසාම ටේහ්‍යොන්ග් ඒ දේවල් වලට සහය දුන්නා. හැබැයි කොයිම මොහොතකදිවත් තමන් මනුස්සයෙක් නෙවෙයි කියන කාරණාව යුන්ගි සහ ශෙලීගෙන් පිටතට නොයන්න ටේහ්‍යොන්ග් වගබලාගත්තා. කොහොමත් ශක්තිමත් කෙනෙක් උනු ටේහ්‍යොන්ග්ට alpha power එක නැතුව උනත් මිනිස්සු එක්ක සටන් කරන එක සුළු දෙයක් වුණා.

එදත් එහෙම දවසක්.. ටේහ්‍යොන්ග් යුන්ගි එක්ක එයාලගෙ ගනුදෙනු කරුවෙක්ගෙන් ආයුධ වගයක් මිලදී ගන්න යමින් හිටියා. අතරමගදි වාහනය නවත්තපු යුන්ගි සිගරට් පැකට් එකක් ගන්න ශොප් එකකට යද්දි වාහනයෙන් බැහැපු ටේහ්‍යොන්ග් අතේ පයේ හිරි ඇරගන්න ගමන් වටපිට බැලුවා.

එයා හිටපු තැනට ටිකක් එහාට වෙන්න තිබුණු flower shop එකක් දැකපු ටේහ්‍යොන්ග්ගෙ ඇස් මොහොතකට එතැන නතරවුණා. විවිධ වර්ගයේ මල් අතරින් ටේහ්‍යොන්ග්ගේ දෑස් පුංචි සුදුපාට මල් පොකුරක් මතින් නතරවෙද්දි ඒ දෑස් යාන්තමට බොඳවෙලා ගියෙ ඒ පුංචි මල් වලට ගොඩක් ආස කරපු කෙනෙක්ව මතක්වෙලා.

The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️ Where stories live. Discover now