22

48 11 35
                                    

Jeongin POV

ඇත්තටම මෙතන වෙන දේ මට නම් තේරුම්ගන්න බෑ. එක්කො මට පිස්සු නැත්තම් මගෙ නූනට හොදටම පිස්සු. මෙයාට call එකක් ගන්න යනකොට මමයි අර දෙන්නයි මේක ඇතුළට ආවෙ කොහොමද?

මල විකාර. ගණන් පේපරේ තේරුම් ගන්න ලේසියි මේ මල හෝන්තු දකිද්දි. කොහොමත් ජීවිතයක් කියන්නේ අවුල් ජාලෙක එකතුවක්. සමහර ප්‍රශ්න ජීවිතේට විසදගන්නත් බෑ ඒවා තේරෙන්නෙත් නෑ. මේකත් ඒ වගේ එකක්

නූනා ගල් වෙලා වගේ බලාගෙන හිටියා. එයා අනුන්ගෙ රෙදි හොයන්න යන හින්දනෙ මේ සේරම. දැන් මෙතනින් එළියට ගියාම ඔම්මට මුහුණ දෙන්නෙ කොහොමද

මම එහෙම හිත හිත නූනා ගාවට ගියා. එයා අසිහියෙන්ද කොහෙද? මම පරණ ඇරියස් වලටත් එක්ක හොද කම්මුල් පාරක් දුන්නා. එයා හැමදාම මට නෙලද්දි මට දවසකටවත් එයාට නෙලන්න බැරිද?

Chahyu - මොකක්ද මෙතන වෙන්නේ? ඔයාලා කොහොමද මෙහෙට ආවෙ

Jeongin - මම දන්නෙ නෑ. ඔයාට කොල් එකක් ගන්න ගිහින් මේ සේරම වුණේ

Chahyu - එහෙනම් මෙතන... ඒත් ඒක වෙන්න බෑ

Jeongin- වෙන්න බැරි මොකක්ද?

Chahyu- මේ මල වාත ලෝකෙ සිග්නල් වලට සංවේදී ඇති. ඒ කියන්නෙ portal එක බාගෙට වැහිලා.

Jeongin- ඔහෙ කොහොමද ඒක දන්නේ? තේරෙන බාසාවකින් කියනවකො. තමුසෙ කතාකරන්නෙ පයිතන් වලින් හරි පැස්කල් වලින් හරි නෙමෙයිනෙ

එයා මට අර පොත පෙන්නුවා. ඒක තමයි හැමදේකටම මුල. පොතකට මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද? මට හිතාගන්න බෑ

Chahyu- ඒකෙ ලියලා තිබ්බෙ එහෙම

Jeongin- හරි. තමුසෙ ඕකම කියෙව්වනේ. වෙන දේ දන්නවනේ මම අහන ප්‍රශ්නවලට උත්තර දීපන්

Chahyu- බූරුවො මෙතන ඕ ලෙවල් පේපරේ වෙන්න එපා

Jeongin-  වෙන්න වෙනවා. අහන ඒවට උත්තර දීපන්

Chahyu- අහන්නත් මම දන්නවද බූරුවෝ

තමුසෙ දන්නෙම නෑ. තමුසෙ බබා. ඇයි මේකි මට විනාඩි දහයකට කලින් ඉපදුණේ. ඕවා කොහෙද මාත් එක්ක. මේකෙ කෙළවරක් තියෙන්න ඕන. එහෙම හිතලා මම ඕ ලෙවල් පේපරේ වුණා

ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix  ✔️Donde viven las historias. Descúbrelo ahora