මන් කෙලින්ම එයාගේ ඇස් දිහා බලාගෙන හිටියේ. එයාගේ ඇසුත් පන්තිය වටේම ගිහින් නැවතුනේ මන් ලග. තත්පර ගානක් මන් මගේ පුපුරු ගහන ඇස් දෙකෙන් ඌ දිහා බලාගෙන හිටියා. ඒ තත්පර ගානටම එයත් එක එල්ලෙම මගෙ ඇස් දිහා බලාගෙන හිටියේ.ඒත් ටීචර් කතාකරන්න ගත්ත නිසා අපි හැමෝම නැගිටලා ආයුබෝවන් කියලා වාඩි වුනා.
ආයුබෝවන් ලමයි...
ඔක්කොටම කලින් අපිට අද අලුත් ලමයෙක් ඉන්නවා. එයා ටිකක් දුර පලාතක ඉදලා තමා ඇව්ත් තියෙන්නේ. ඔයාලා ඔක්කොම එයත් එක්ක හොදින් වැඩ කරන් ඉන්න ඕනේ.හරි පුතා ගිහින් කැමති තැනකින් වාඩි වෙන්න.
ටීචර් කිව්වා.මූ කට පුරා හිනා වෙලා ගිහින් වාඩි උනේ ඉස්සරහම පේලියේ. සාමාන්‍යයෙන් පන්තියේ මීටර් ටික ඉන්නේ, උන් ලග. මට ඔය සෙට් එක පේන්නම බෑ. ගිය වාරේ term test දවස් වල මන් exam වෙලාවේ ලියලා ඉවර වෙලා සෙහස් එක්ක කතා කර කර හිටියා කියලා මුන්ට disturb වුනා කියලා මිස්ට complain කරලා මිස් මාව වෙන තැනකට දැම්මා.
ඒ සෙට් එකත් මූව හිනා වෙලා පිලි අරගෙන කතා කරනවා මන් බලාගෙන. මටත් හෙන උවමනාවක් ආවා මුගේ විස්තර දැනගන්න. ඒත් එක්කම පොර බෑග් එක එල්ලන්න පිටිපස්ස බැලුවා. මන් කෙලින්ම එයා දිහා බලාගෙන හිටියේ. ආයෙත් අපේ ඇස් තත්පරේකට දෙකකට මුන ගැහුනා. මන් ඉක්මනට අහක බලාගත්තා.
ඕයි.. සෙහස්...
මන් සෙහස්ට කතා කරා.ඕ...
ඒ අරූ බන්..
කවුද??
මට ඊයේ පාට් එකක් දැම්මා කිව්වේ අපේ ලේන් එකෙන්. අත තුවාල කරපු එකා. ඌ ඒ..
අප්පට හිකෙ**.... පොරද ඒ ??
ඔව්.. ඔව්.. බන්.
අපිට තව වැඩි වෙලා කතා කරන්න බැරි වුනේ ආපහු ටීචර් කතා කරන්න ගත්ත නිසා.
ලමයි.. නිවාඩු කාලේ ඔයාලා විනෝදෙන් ගත කරන්න ඇති කියලා හිතනවා. දැන් ඉතින් ආපහු වැඩ කරන්න පටන් ගන්න ඕනේ. දැන් ඔයාලා 9 වසරේ. පොඩි ලමයි නෙවෙයි. තව අවුරුද්දකින් දිග කලිසම් අදින ලොකු කොල්ලෝ..
මිස් එහෙම කියද්දි පලවෙනි පීරියඩ් එකට බෙල් එක ගැහුවා.
මුලින්ම තිබුනේ පුරවැසි පීරියඩ් එක.ඒක ඉගැන්නුවේ අපේ ක්ලාස් ටීචර්මයි.
YOU ARE READING
My Dearest Neighbour
Teen Fictionමන් තනි වුන මනුස්සයෙක් . ජීවිතේ මගේ දේවල් කියන්න, මගේ දේවල් අහන් ඉන්න කෙනෙක් නැතුව ගෙවපු තනිවුන ජීවිතයක් තිබුන කෙනෙක් . ඒත් ඒ ජීවිතේට ආසා කරන ගමන්, හිත යටින් අනේ මටත් මාව අහන් ඉන්න කෙනෙක් හිටියානම් කියලා හිතපු කෙනෙක්. දෛවෝපගතවද , වෙන මොනයම් හෝ කර්ම...