මන් කෙලින්ම ගිහින් සෝෆා එකෙන් වාඩි වුනහම තිසෙනුත් ආවා.
ඇයි ආවේ??
තිසෙන් ඇහුවේ මන් දිහා බලලා අහක බලාගන්න ගමන්.
ආවේ?? ආවෙද?? තොගේ අහවල් එක බලලා යන්න...
දෙව්මිත්.... ප්ලීස්... මට ටිකක් තනියෙන් ඉන්න දෙන්න...
ආහ්... තනියෙන් ඉන්න ඕනේ හින්දාද මාව හොයන් හෙදර ආවේ??
තිසෙන් බිම් බලාගත්තා. වෙනදට එකක් කිව්වොත් දාහක් ආපස්සට කියාගෙන එන එකා අද සද්දත් අඩු වෙලා.
අහපන් දැන්.... මට මුල ඉදලා වෙච්ච දේ කියපන්....
උබ දන්නවද ??
දන්න හින්දා තමා හු*තෝ අහන්නේ... තවත් මාව කේන්තී ගස්සන්නේ නැතුව වෙච්ච දේ කියපන්...
තිසෙන් මන් දිහා බලලා ගැඹුරු හුස්මක් ගත්තා.
ඉස්කෝලේ ඇරිල එලියට ගිහින් බස් එක එනකන් එද්දී කැබ් එකක් ඇවිත් නැවැත්තුවා. මිනිස්සු 4 දෙනෙක් විතර බැහලා මාව ඇදගෙන ගිහින් හෙන සද්දයක් දැම්මා. ආපහු මලින්දි එක්ක කතා කරලා අහුවෙන්න එපා කියලා. මන් ඇයි ඒ කියලා අහන් යද්දි උන් මට ගැහුවා.
ඊටපස්සේ සෙහස් මාව ඇදගෙන ආවා.ඒ එකෙක්වත් උබ දැකලා නැද්ද මීට කලින් ???
පිස්සුද බන්..... මැරයෝ වගේ කරාබු දාගත්ත කොන්ඩේ පාට කරපු සෙට් එකක්... ජීවිතේට දැකලා නෑ...
මන් හිමීට තිසෙන් ලගට ඇවිදන් ගිහින් නිකටින් ඔලුව උස්සලා බැලුවා. කම්මුල ලාවට ඉදිමිලා. තිසෙන් සුදුයිනේ. ඇගිලි දෙකක් රතු පාටට හිටලා.
රිදෙනවද??
මන් ඇහුවා.තිසෙන් මුකුත් කිව්වේ නෑ. මන් හෙමීට එයාගේ කම්මුල අත ගෑවා. ඊටපස්සේ කුස්සියට ගිහින් අයිස් කැට දෙකක් ගෙනත් තිබ්බා.
හරිනේ උබට... ඕකනේ කරගන්න ඕනේ වුනේ.... මන් කිව්වා... උන් මේ ඇමති පවුල් බන්.. අවසානෙට කොහේවත් ඉන්න කෙල්ලෝ නිසා ගුටි කන්න වුනා...
මන් කිව්වේ අයිස් කැට තද කරලා තිසෙන්ගේ මූනේ අතුල්ලන ගමන් .
ආව් පගෝ... රිදෙනවා ... හිමින් තියපන්...
YOU ARE READING
My Dearest Neighbour
Teen Fictionමන් තනි වුන මනුස්සයෙක් . ජීවිතේ මගේ දේවල් කියන්න, මගේ දේවල් අහන් ඉන්න කෙනෙක් නැතුව ගෙවපු තනිවුන ජීවිතයක් තිබුන කෙනෙක් . ඒත් ඒ ජීවිතේට ආසා කරන ගමන්, හිත යටින් අනේ මටත් මාව අහන් ඉන්න කෙනෙක් හිටියානම් කියලා හිතපු කෙනෙක්. දෛවෝපගතවද , වෙන මොනයම් හෝ කර්ම...